Thursday, May 24, 2012

එඩ්වඩ් සිහිනෙන්…!!!



හැම තැනම ඝණ අන්ධකාරය පැතිරිලයි තිබුනෙ, යාන්තමට වගේ තිබුනු මඳ ආලෝකය පෙනුනෙ හරියට එඩ්වඩ්ගෙ සමෙන් විහිදෙනවා වගෙයි. මම ඔහුගෙ මුහුණ දැක්කෙ නැහැ, අන්ධකාරයේ මාව තනිකරලා දාලා මගෙන් ඈතට ඇවිදන් යන ඔහු‍ගෙ පසුපස පමණයි මට පෙනුනෙ. මම කොච්චර හයියෙන් දිවුවත් මට ඔහුව අල්ලගන්න හැකිවුනේ නැහැ, මම කොච්චර හයියෙන් කෑගැහුවත් ඔහු හැරිලා බැලුවෙත් නැහැ........ ඒත් එක්කම මට ඇහැරුනා, ආයෙත් ගොඩක් වෙලා යනකං මට නින්ද ගියේම නැහැ. එදායින් පස්සෙ හැමදාමත් වගේ ඔහු මගේ සිහිනවලට ආවා, ඒත් හැමදාමත් ඔහු හිටියෙ මගෙ අතට අසුනොවන මානයේ මට ළඟාවිය හැකි සීමාවෙන් පිටත.

නතුරෙන් පස්සෙ ගෙවුනු පළමු මාසය හරිම අසහනකාරී, ආතතිය පිරුනු ඒ හැමටම වඩා හරිම ලැජ්ජාකාරී එකක් වුනා. ඒ සතියෙ ඉතිරි දවස් ටිකේම හැමෝගෙම වගේ අවධානයේ මුල් තැන හිටියෙ මමයි. මේ ඔක්කොටම වඩා මට එපා වුනේ ටයිලර් හැමවිටම වගේ මගේ පස්සෙන් එමින් වෙච්ච වැරැද්ද නිවැරැදි කරගන්න උත්සාහ කිරීමයි. මම කොච්චර උත්සාහ කලත් ඔහුට ඒත්තුගන්නන්න හැමදේටම වඩා මට අවශ්‍ය ඔහු සිද්ධවෙච්චි දේ අමතක කරලා දාන එකයි කියලා - ඇත්තටම බැලුවොත් මට කිසිම හානියක් වුනේ නෑ නේ - ඔහු දිගින් දිගටම මුරණ්ඩු වුනා. පංති අතරතුරේදි මා පස්සෙන්ම එන ඔහු දැනටමත් තදබද වෙලා තියෙන අපේ දවල් කෑම මේසෙටත් වාඩිවෙන්න පටන් ගත්තා. මයික් හා එරික් ඔහු වෙත දක්වපු නපුරු ආකල්පය දැක්කම මට හිතුනෙ මම තවත් අනුගාමිකයෙක් එක්කර ගත්තාදෝ කියලයි.
 
හැබැයි කවුරුවත් එඩ්වඩ් ගැන නම් කතාකලේ නැහැ. මම කොයිතරම් විස්තර කලත්, ඒත්තුගන්නන්න හැදුවත් ඔහු තමා මාව බේරාගත් වීරයා කියලා, ජෙසිකා, මයික්, එරික් විතරක් නෙවෙයි අනිත් හැමෝමත් කිවුවෙ වෑන් එක ඉවතට අදිනකං ඒ කවුරුවත් එඩවඩ්ව දැක්කෙ නෑ කියලයි.

මට හිතාගන්නම බැරිවුනේ ඇයි කවුරුවත් එඩ්වඩ් මට එච්චර ඈතින් හිටපු එක දැක්කෙ නැත්තෙ කියලා, අන්තිම මොහොතේ අදහාගන්න බැරිවිදියට ඇවිත් මාව බේරගන්න කලින්. අන්තිමේදි ඒකට හේතුව තේරුම් ගත්තාම මටම හිනා ගියාකවුරුවත් එඩ්වඩ් ගැන අවධානයක් යොමු කලේ නෑ මා තරම්, කවුරුවත් ඔහු දිහා බලා හිටියේ නෑ මා තරම්. කොයිතරං අවාසනාවක්ද.!!



නමුත් කිසිමවිටෙක එඩ්වඩ් වටේ නං කට්ටිය එක් රොක් වුනේ නෑ අනතුර ගැන එයාගෙ අත්දැකීම් අහන්න, හැමදාමත් වගේ ඔහුව මගඇරියා විතරයි. පුරුදු පරිදි කලන්ස්ලා හැමදාමත් එයාලාගෙ මේසෙ වාඩිවෙලා එයාලා අතර පමණක් කතාබහේ නියැලෙමින් හිටියා. ඒ කිසිම කෙනෙක්, විශේෂයෙන්ම එඩ්වඩ් කොයියම්ම වෙලාවකවත් මා දිහා නම් බැලුවෙ නෑ.

පංතියෙදි ඔහු මාත් එක්ක ඉඳගත්තෙත් පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා, මට හිතුනේ ඔහු මා ඉන්නා බවක්වත් නොදන්නවා වගෙයි. ඔහුගෙ ඉරියවු වලින් කියැවුනේ හරියට මාව ටයිලර්ගෙ වෑන් එකෙන් බේරගත්ත එක නොකර ඉන්න තිබුනා නම් වගේ කියලයි, ඒක තමා මට එන්න තිබුන අවසාන නිගමනය.

මට කොච්චර නම් ඕනවුනාද ඔහුත් එක්ක කතාකරන්න. ඇත්තටම අනතුරෙන් පහුවදා මම ඒකට උත්සාහ කලා. අන්තිමවරට හදිසි අනතුරු කාමරයෙන් පිටතදී මම ඔහු දැක්ක වෙලාවෙ අපි දෙන්නම හැසිරුනේ කලහකාරී විදියට. ඇත්තම කියනවානම් මම තාමත් තරහෙන් හිටියෙ වුනේ මොකක්ද කියලා ඇත්ත කියන්න තරම් ඔහු මාව විශ්වාස නොකරපු එකට. ඒත් එදා රෑ එලිවෙනකොට ඒ තරහ අඩුවෙලා ඔහු ගැන කෘතගුණ හැඟීමක් ඇත්වෙන්න පටන්ගත්තා, මොකද කොහොම කොයිවිදියට කලත් ඔහු ඇත්තටම මගේ ජීවිතය බේරාගත්තා නේද කියන සිතුවිල්ල මට ඇතිවුන නිසා.

මම ජීවවිද්‍යා පංතියට ඇතුළුවෙනකොටත් ඔහු වාඩිවෙලයි හිටියෙ, කෙලින්ම ඉස්සරහ බලාගෙන. ඔහු මා දිහාවට හැරෙයි කියලා බලාපොරොත්තුවෙමින් මම වාඩිවුනා, ඒත් ඔහු නෙවෙයි පැත්තවත් හැරිලා බැලුවෙ.
 
"හෙලෝ එඩ්වඩ්!" මම කිවුවෙ බොහොම ප්‍රසන්න විදියට, රණ්ඩු කිරීමේ අරමුණක් මගෙ නැහැ කියන එක ඔහුට පෙන්නන්නත් එක්ක. ඔහු මගේ බැල්ම මගඅරිමින් යාන්තමට හිස හරවලා එකපාරක් ඔලුව හොල්ලලා ආයෙමත් අහක බලාගත්තා.

ඒ තමා ඔහුත් එක්ක මට කතාකරන්න පුළුවන් වුන අන්තිම වතාව, හැමදාම පන්තියේදි ඔහු මට කොච්චර ලඟින් වාඩිවෙලා හිටියත්. සමහර වෙලාවට මට මාවම නවත්තගන්න බැරුව ඔහු දිහා බලාගෙන හිටියා - දුරින්, ඔහුට හොරෙන් - ආපනශාලාවෙදි නැත්තං කාර් පාර්ක් එකේදි. ඒත් පංතියෙදි නම් මම ඔහු ඉන්නවාද කියලා ගානක්වත් නැති විදියටයි හිටියෙ. ඒත් මම හිටියෙ පුදුම අසතුටකින් හා තරහකින්, ඒ වගේම මම හැමදාම වගේ ඔහුව හීනෙන් දකින්නත් පටන් ගත්තා.

මමත් මගේ ලැබ් පාට්නරුත් අතර ඇතිවෙලා තියෙන මේ තත්ත්වය මයික්ටනං බොහොම සතුටට කාරණයක් වුනා. ඔහු බලාපොරොත්තු වුනේ එඩ්වඩ්ගෙ වීර ක්‍රියාව නිසා මගේ හිතේ ඔහු ගැන යම් ආකාරයක පැහැදීමක් ගෞරවයක් ඇතිවේවි කියලයි, නමුත් සිද්ධවුනේ ඒකේ අනිත් පැත්ත නිසා ඔහු සැනසුම් සුසුම් හෙලුවා වගෙයි පෙනුනෙ. බොහෝ වෙලාවට ජීවවිද්‍යා පංතිය පටන්ගන්නකං ඔහු මගේ පොත්මේසෙ කොනක වාඩිවෙලා මාත් එක්ක කතා කර කර ඉන්න පටන්ගත්තා, අනිත් පැත්තෙ එඩ්වඩ් ඉන්නවායැයි වගේ වගක්වත් නැතිව.

ඉකිමනින්ම හිම දියවෙලා යන්න පටන් ගත්තා. මයික්නම් ටිකක් කනස්සල්ලෙන් හිටියෙ ඔහු බලාපොරොත්තුවෙන් හිටපු හිම බෝල සටන පවත්වන්න විදියක් නැතිවීම ගැන. ඒත් අනිත් අතට බීච් ට්‍රිප් එක එන නිසා ඔහු ඒ ගැන එච්චර වදවුනේ නැහැ. මේ අතර මාර්තු මාසෙ පළමුවෙනි අඟහරුවාදා ජෙසිකා ආවා තවත් ආරංචියක් අරන්, ඇයට ඕනවුනා තව සති දෙකකින් පැවැත්වෙන වසන්ත නැටුමට මයික්ට ආරාධනා කරන්න මගේ අවසරය ගන්න. මේ නැටුමේ විශේෂත්වය වුනේ ගැහැණු ළමයින්ට තමන් කැමැති පාට්නර් කෙනෙක්ව තෝරාගන්න හැකිවීම.

"ඔයාට විශ්වාසද ඒකට කමක් නැහැ කියලා.. ඔයා එයාට ආරාධනා කරන්න හිතුවෙ නැද්ද..??" මම ඒ ගැන පොඩ්ඩක්වත් වදවෙන්නෙ නෑ කියලා කිවුවම ඇය ආයෙමත් ඇහුවා.

"නෑ ජෙස්, මම ඒකට යන්නෙ නෑ." මම ඇයට සපත කලා. නටනවා කියන්නෙ මගෙ හැකියාවන්ගෙන් බොහොම ඈත තියෙන දෙයක්.

"ඒ වුනාට ඒක හරිම විනෝදජනක වේවි." ඇය කිවුවෙ නම් මුලු හදවතින්ම නෙවෙයි, හරියට මම නොඑන එක කියලාවත් කරගන්න බැරි වැඩක් වගේ.

"ඔයාට මයික් එක්ක විනෝදවෙන්න පුළුවනි" මම ඈව උනන්දු කලා.

 
ඊලඟ දවසේ මම පුදුමයට පත්වුනේ ජ්‍යාමිතිය පාඩමේදි හා ස්පාඤ්ඤ පාඩමේදි ජෙසිකාගෙ අසාමාන්‍ය හැසිරීම් රටාව දැකලයි. පංති අතරතුරේදි ඇය මා එක්ක ඇවිදන් ගියේ කිසිම කතාවක් බහක් නැතිවයි, ඒත් ඒ ඇයි කියලා අහන්න මට බය හිතුනා. මොකද බැරිවෙලාවත් මයික් ඇයගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලානං ඇයට ඒ බව මට කියන්න බැරි කමක් ඇති කියලයි මට හිතුනෙ. මගේ මේ බය තවත් වැඩිවුනේ දවල් කෑම විවේකයේදි ඇය මයික්ගෙන් පුළුවන් තරම් දුරස්වෙලා වාඩි වුනු නිසයි. ඇය එරික් එක්ක තොරතෝංචියක් නැතිව කතා කල අතර මයික් අසාමාන්‍ය ලෙස නිහඬව හිටියා.

අන්තිමේදි අපි පන්තියට ගිහින් වාඩිවුනහම මයික්ම මේ මාතෘකාව ඇදලා ගත්තා.

"මේ........" ඔහු කිවුවෙ බිම බලාගෙන, "ජෙසිකා වසන්ත නැටුමට මට ආරාධනා කලා."

"ෂා නියමයිනේ!" මම මගේ හඬ පුළුවන් තරම් උද්‍යොගිමත් කරන්න උත්සාහ කලා. "ඔයාට එයත් එක්ක හොඳට විනෝද වෙන්න පුළුවන්."

"ඇත්තම කියනවානං....." ඔහු මගේ පිළිතුර ගැන සතුටුවුන බවක්නම් පෙනුනේ නෑ. "මම එයාට කිවුවා ඒ ගැන හිතලා කියන්නම් කියලා."

"ඇයි ඔයා එහෙම කිවුවෙ!?" මම ඇහුවෙ දෝෂාරෝපනයක් වගේ. ඒත් ඔහු ඇයට කෙලින්ම බැහැ නොකියපු එක ගැන මට දැනුනෙ පුදුම සැනසීමක්.

රතු වුන මුහුණින් ඔහු ආයෙමත් බිම බලාගත්තා. පවු! "මම හිතුවෙ සමහරවිට ඔයා මගෙන් අහන්න හිතාගෙන ඉන්නවා ඇති කියලයි." ඇස් කොනින් මම දැක්කා එඩ්වඩ්ගෙ ඔලුව යාන්තමට මගෙ පැත්තට හැරෙනවා.

"මයික්, මම නම් හිතන්නෙ ඔයා එයාගෙ ආරාධනාව පිළිගන්න කියලයි" මම කිවුවා.

"ඇයි ඔයා දැනටමත් වෙන කෙනෙක්ගෙන් අහලද තියෙන්නෙ?" මයික් එඩ්වඩ් දිහාට හෙලපු බැල්ම ඔහු දැක්කනං!

 
"නැහැ, මම කොහෙත්ම ඒ නැටුමට යන්නෙ නෑ."

"ඒ මොකද?"

මට බොහොම ඉක්මනට අලුත් ප්ලෑන් එකක් ගහන්න වුනා. "මම ඒ සෙනසුරාදා සියැට්ල් වලට යනවා." මට කොහොමත් නගරෙන් පිටවෙන්න ඕන වෙලයි තිබුනෙ, මේ ඒකට හොඳම අවස්ථාව කියලා මට හිතුනා.

"ඔයාට වෙන සති අන්තෙක ඒ ගමන යන්න බැරිද?"

"සොරි ඒක කරන්න බැහැ. ඉතිං ඔයා තවදුරටත් ජෙසිකාට බලාඉන්න කියන්න එපා, ඒක හරි නරකයි."

"ඔවු ඔයා හරි." ඔහු පරාජිත ඉරියවුවෙන් ආපහු ඔහුගෙ මේසය වෙතට ගියා. මම ඇස් දෙක පියාගෙන නළල දෙපස ඇඟිලිවලින් තද කරන්න වුනේ හිතේ ඇතිවුන වරදකාරී හැඟීම් පිටකරලා දාන්න වගේ. ඒත් එක්කම ගුරුතුමා කතාකරන්න පටන්ගත්ත නිසා ලොකු සුසුමක් හෙලපු මම ඇස් විවර කලා.

එතකොටයි මම දැක්කෙ කුතුහලය පිරුනු දෑසින් මා දිහා බලාගෙන ඉන්න එඩ්වඩ්ව....


  Edward Cullen :That's what you dream about? Being a monster?
  Isabella Swan: I dream about being with you forever.






Tuesday, May 8, 2012

එය සිහිනයක්ද?

ඔවුන් නැවතත් මාව අරන් ගියා ඔළුව X-ray කරන්න, මම එයාලට කිවුවා වගේම ඔළුවෙ කිසිම ආබාධයක් තිබ්බෙ නෑ. මට ගෙදර යන්න පුළුවන්ද කියලා ඇහුවත් නර්ස් කිවුවෙ ඊට කලින් මම ඩොක්ට කෙනෙකුට කතාකල යුතුයි කියලා. ඉතිං මට සිද්ධවුනේ හදිසි අනතුරු කාමරේ ඇතුළෙ හිරවෙලා, මට අන්තිමේදී වදයක් වෙන තරම් එපා වුනු, ටයිලර්ගෙ නොනවතින සමාව අයැදීම්, අහගෙන ඉන්නයි. මම කොයිතරම් ඒත්තුගන්නන්න හැදුවත් මම හොඳින් කියලා, ටයිලර් එයාගෙ හිතට වදදීගන්න එක නැවැත්තුවේම නෑ. ඉතිං අන්තිමේදි මම තීරණය කලා ඇස් දෙක පියාගෙන එයාගෙ මුණු මුණු ගෑම ගනන් නොගෙන ඉන්න.

"ඇය නිදිද..?" ඒ ගීතවත් කටහඬ ඇහුන ගමන් මගෙ ඇස් ඇරුනෙ විදුලි වේගෙන්.

එඩ්වඩ් මගේ ඇඳපාමුල හිටගෙන හිටියෙ මෝඩ හිනාවකුත් මුවේ රඳවගෙන. මම ඔහු දිහා ඔරවලා බලන්න හැදුවත් මටම තේරුනා, ඒක එච්චර සාර්ථක වුන්නැති බව.

"ඒයි එඩ්වඩ්, මට බොහොම කණගාටුයි.." ටයිලර් ආයෙමත් පටන්ගත්තා.

එඩ්වඩ් අතක් උස්සලා ඔහුව නැවැත්තුවා. "කිසි ප්‍රශ්නයක් නෑ" ඔහු කිවුවේ අර විදුලි කොටන හිනාවත් එක්කමයි. ටයිලර්ගෙ ඇදේ පැත්තකින් මට මුහුණ දාලා වාඩිවෙන ගමන් ඔහු ආයෙමත් අර මෝඩ හිනාව දැම්මා.

"ඉතිං මොකක්ද තත්ත්වය..?"

"මට කිසිම ආබාධයක් නෑ. ඒ වුනාට මෙයාලා මට යන්න දෙන්නෙ නෑ නෙ. ඒක නෙවෙයි ඔයා විතරක් කොහොමද ඔහොම ඉන්නෙ, අපි දෙන්නව වගේ ඇඳකට දාන්නැතුව..!?"

"ඒකට ඉතිං දැන ඇඳුනුම්කම් තියෙන්න ඕන" ඔහු උත්තර දුන්නා. "බයවෙන්න එපා, මම ආවෙ ඔයාව එක්ක යන්න"

ඊගාව මොහොතේ එතනට ආපු දොස්තර දැක්කහම මගෙ කට බාගෙට ඇරුනා. ඒ තරම් කඩවසම් පෙනුමක් මම, චිත්‍රපට නළුවෙකුගෙන්වත් දැකලා තිබ්බෙ නෑ මෙච්චර කාලෙකට. තාත්තා කියලා තිබුනු විස්තරේ හැටියට මේ එඩ්වඩ්ගෙ තාත්තා වෙන්න ඕන.

"ඉතිං මිස් ස්වෝන්, ඔයාට කොහොමද..?"

"මම හොඳින්"

"ඔයාගෙ X-ray නම් වරදක් නෑ. ඔයාගෙ ඔලුව රිදෙනවද.? එඩ්වඩ් කිවුවා ඔලුව තදින් වැදුනා කියලා."

"එහෙම මොකුත් නෑ" එඩ්වඩ් දිහා නපුරු බැල්මක් හෙලන ගමන් මම කිවුවා.

"ඔයාගෙ තාත්තා එලියෙ ඉන්නවා. ඔයාට එයත් එක්ක ගෙදර යන්න පුළුවන්. හැබැයි ඔයාට කලන්තේ ගතියක් හරි, ඇස් දෙක බොඳවෙනවා වගේ දැනුනොත් හරි වහාම ඇවිත් මාව හම්බවෙන්න."

"මට ආයෙමත් ඉස්කෝලෙට යන්න බැරිද.?" තාත්තාගෙ උපස්ථාන ගැන දන්න නිසා මම එහෙම ඇහුවෙ බලාපොරොත්තු සහගතව.

"මම හිතනවා ඔයා අද දවස විවේක ගත්තොත් හොඳයි කියලා."

මම එඩ්වඩ් දිහා බැලුවා. "එතකොට එයාට ඉස්කෝලෙට යන්න පුළුවන්ද.!?"

"කවුරුහරි එයාලට ගිහින් කියන්න එපැයි අපි සේරම හොඳින් කියලා" එඩ්වඩ් කිවුවෙ නිකං අවඥාවෙන් වගේ.

"ඇත්තම කියනවා නං...." ඩොක්ටර් කලන් හඬ අවදි කලා "ඉස්කෝලෙන් බාගෙකට වඩා එලියෙ බලාගෙන ඉන්නවා"

"අයියෝ!" මම දෑතින් මූණ වහගන්න ගමන් කෙඳිරිගෑවා.

"ඇයි ඔයාට නවතින්න ඕනද.?" ඩොක්ට කලන් ඇහුවෙ නළලත් රැළි කරගෙන.

"අපොයි නෑ." මම කිවුවෙ බිමට බහින ගමන්මයි.

"අද ඔයාගෙ හරිම වාසනාවන්ත දවසක් වගෙයි පේන්නෙ" ඩොක්ට කලන් කිවුවෙ හිනාවෙවී මගෙ චාර්ට් එක අත්සන් කරන ගමන්.

"වාසනාවට එඩ්වඩ් මා ගාව හිටියා" මම කිවුවෙ ආයෙමත් එඩ්වඩ් දිහා තද බැල්මක් දාන ගමන්.

"ආ ඔවු" එහෙම කියපු ඩොක්ට කලන් ටයිලර් දිහාට හැරුනා. "ඔයාට නං තව ටික දවසක් මෙහෙ ඉන්න වෙයි වගේ."

එයා අනිත් පැත්ත හැරුන ගමන් මම බැලුවෙ එඩ්වඩ් දිහා. "මට ඔයත් එක්ක විනාඩියක් කතා කරන්න පුළුවන්ද.?" මගේ ස්වරයෙ තද කම නිසාමද මන්දා එඩ්වඩ් අඩියක් පස්සට වීසිවුනා.

"ඔයාගෙ තාත්තා එලියෙ බලාන ඉන්නවා" එයා කෙඳිරුවා.

"මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕන" මම ස්වරය තවත් දැඩි කලා.

මගෙන් බේරුමක් නැති බව දැනගත්ත එඩ්වඩ් කාමරෙන් පිටවුනා, මාත් ඒ එක්කම එයා පිටිපස්සෙන් ගියා දුවගෙන ව‍ගේ.

"මොනවද ඔයාට ඕනෙ.?" කාමරෙන් පිටවුන ගමන්ම මගෙ දිහාවට හැරුන එඩ්වඩ් ඇහුවෙ තරහින් වගේ.

"ඔයාගෙන් මට පැහැදිලි කිරීමක් එන්න තියෙනවා."

"මම කිසිම පැහැදිලි කිරීමක් කරන්න බැඳිලා නෑ. මම ඔයාගෙ ජීවිතේ බේරුවා."

"ඒත් ඔයා පොරොන්දු වුනා.........."

"බෙලා, ඔයාගෙ ඔලුව තදින් වැදුනා. ඔයා දන්නෑ ඔයා මොනව කියනවද කියලා." ඔහුගෙ වචන හරියට පිහිපාරවල් වගෙයි මට දැනුනෙ. ඒ නිසාම මගෙ ඉවසීමෙ සීමාව පැන්නා.

"මගෙ ඔලුවෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මට දැනගන්න ඕන ඇත්ත මොකක්ද තියලා. ඇයි මං ඔයා හින්දා බොරු කියන්නෙ කියලා."

"ඔයා හිතන්නෙ මොකක්ද වුනේ කියලා ඇත්තටම.?"

මගෙ කට වක්කඩ කැඩුවා වගේ ඇරුනා. "ඔයා හිටියෙ මා ගාව නෙවෙයි, ටයිලර් දැක්කෙත් නෑ ඔයා ඉන්නවා, ඒ නිසා කියන්න එපා මගෙ ඔලුව වැදුනා කියලානම්. තව පොඩ්ඩෙන් ඒ වෑන් එක අපි දෙන්නවම චප්ප කරලා දානවා, ඒත් එහෙම වුනෙ නෑ, මම දැක්කා ඔයාගෙ අත වැදුනු පාර වෑන් එක ඇතුලට එබිලා ගිය හැටි, ඒත් ඔයාට කිසිම හානියක් නෑ. හරිනං වෑන් එකට ය‍ටවෙලා මගෙ කකුල් දෙක කුඩුවෙන්න ඕන, ඒ වුනාට මම දැක්කා ඔයා ඒක උස්සගෙන ඉන්නවා...." මටම තේරුනා මම කියන දේවල් පිස්සු වගේ කියලා, මට තව දුරටත් කතාකරගන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑ, මම දත්මිටි කාගෙන ඇඬුම් නවත්තගන්න වෑයම් කලා.

ඔහු මා දිහා බලන් හිටියෙ ආත්මාරක්ෂාකාරී බැල්මකින්, "ඔයා හිතනවද මම ඔයාව බේරගන්න වෑන් එකක් උස්සගෙන හිටියා කියලා..!?"

ඔහුගෙ ස්වරය නිසා මගෙ සැකය තවත් දැඩිවුනා. ඒත් මම නිහඬවම ඔලුව වැනුවා.

"කිසිම කෙනෙක් ඔය වගේ කතාවක් විශ්වාස කරන්නෙ නෑ"

"මම කාටවත් කියන්න යන්නෙ නෑ" මම කිවුවෙ බොහොම සීරු මාරුවෙන්, වචනෙන් වචනෙ නවත්තමින්.

"එහෙනම් ඇයි ඔයා මෙච්චර ඒ ගැන හාරාවුස්සන්නෙ" ඒ ගමන නම් ඔහුගෙ මුහුණෙ තිබ්බෙ පුදුමයක්.

"මට ඒක වදදෙනවා. මම කැමැති නෑ බොරු කියන්න, ඒ නිසා මට සාධාරණ හේතුවක් ඕන ඇයි මම එහෙම කරන්නෙ කියලා."

"ඔයාට බැරිද නිකංම මට ස්තූතියි කියලා ඒක අතෑරලා දාන්න.?"

"ස්තූතියි!"

"ඔයා ඒක ලේසියෙන් අතෑරලා දාන්නෙ නෑ වගේ නේද.?"

"නෑ."

"එහෙමනං ඉතිං ඔයාගෙ බලාපොරොත්තු කඩවීම පිළිබඳව සමාවෙන්න ඕන."

අපි දෙන්නම එකිනෙකා දිහා රවාගෙන ටිකක් වෙලා හිටියා, මුලින්ම නිශ්ශබ්දතාව බින්දෙ මම.

"ඇයි ඔයා මා ගැන වදවුනේ.........?"

එක මොහොතකදි මම ඒ ලස්සන මුහුණෙන් දැක්කෙ අදහාගන්න බැරි අනාරක්ෂිත භාවයක්. "මම දන්නෙ නෑ....." ඔහු කෙඳිරුවා. ඊගාවට අනිත් පැත්ත හැරුනු ඔහු යන්න ගියා.

මම කොච්චර තරහින් හිටියද කියනවනං මට හෙලවෙන්නත් විනාඩි කීපයක් ගියා, ඇවිදගන්න පුළුවන් වුන ගමන් මම කලේ පිටවීමේ දොරටුව දිහාට ගාටන්න පටන් ගත්ත එක. එලියේ තත්ත්වය මම හිතුවටත් වඩා දරුණුවුනා, හරියට ෆෝර්ක්ස්වල ඉන්න හැමෝම මම එනකං එතන බලන් හිටියා වගේ. මාව දැක්ක තාත්තා දුවගෙන ආවා.

"මට කිසිම අනතුරක් නෑ" මම ඉක්මනටම කිවුවෙ ඔහුව අස්වසන්නයි. මොකද මම හිටියෙ කතාබහ කරන්න තරම් හොඳ මනෝභාවයකින් නෙවේ.


 
"‍ඩොක්ට මොකද කිවුවෙ.?"

"‍ඩොක්ට කලන් මාව බැලුවා. එයා කිවුවා මට කිසිම ප්‍රශ්නයක් නෑ ගෙදර යන්න පුළුවන් කියලා." සුසුමක් හෙලපු මම දැක්කෙ මයික්, ජෙසිකා හා එරික් අපි දිහාවට එන්න සූදාණම් වෙනවා. "අනේ අපි දැන් යමු!"

පොලිස් කාර් එකේ ගෙදර එන ගමන් අපි දෙන්නා කතා කරේම නෑ, කොටින්ම මගේ සිතිවිලිවල ගැලී හිටපු මට තාත්තා ඉන්න බවවත් අමතක වුනා. මට හොඳ විශ්වාසයක් තිබුනා එලියෙ හෝල් එකේ ඇතිවුන කතාබහ අතරතුරේදි එඩ්වඩ්ගෙ තිබ්බ ආත්මාරක්ෂාකාරී හැසිරීම නිසාම, මම දැකපු ඒත් කිසිම විදියකින් විශ්වාස කරන්න බැරි අද වුනු සිදුවීම ඇත්තම ඇත්තක් කියලා.

අන්තිමේදි අපි ගෙදර ආවහම තාත්තා කටහඬ අවදි කලා. "මේ............" ඔහු කිවුවෙ වරදකාරී විදියට මුහුණ හංගගෙන, "ඔයාට අම්මාට කෝල් කරන්න වෙයි."

"ඔයා අම්මට මේ ගැන කිවුවද.!?" මට ඇතිවුනෙ මහා භයංකාර සිතුවිල්ලක්.

අම්මා හිටියෙ නිකං පිස්සු හැදිලා වගේ, මට අඩුම ගානෙ පනස් සැරයක්වත් කියන්න සිද්ධවෙන්නැති මම හොඳින් කියලා. අම්මා දිගින් දිගටම කියා හිටියෙ මට වහාම ආපහු ගෙදර එන්න කියලා - හරියට මේ වෙලාවෙ ‍ගෙදර කවුරුහරි ඉන්නවා වගේ මං එනකං බලාගෙන. ඒ වුනාට මම හිතුවට වඩා ලේසියෙන් ඒකෙන් ගැලවෙන්න පුළුවන් වුනා. අනෙක මට තිබුනා ඊට වඩා වැදගත් දෙයක් ගැන හිතන්න - එඩ්වඩ් හා ඔහුගේ අභිරහස, ‍මට නිකං පිස්සු වගෙයි දැනුනෙ මේ ගැන හිතන්න හිතන්න. තාත්තා මා දිහාට හෙලන අවිනිශ්චිත බැලුම්වලින් නිදහස්වෙන්න හිතාගෙන ඉක්මනින්ම නිදාගන්න යන්නයි මට ඕන වුනේ. ඉතිං වේදනානාශක පෙති කිහිපයකුත් බීලා ඇඳට වැටුන මාවෙත නින්ද ආවෙ හිතුවටත් වඩා ඉක්මනින්.

ඒ තමයි මම එඩ්වඩ් කලන්ව හීනෙන් දැකපු මුල්ම රාත්‍රිය........


Isabella Swan: You've got to give me some answers.
Edward Cullen: I'd rather hear your theories.
Isabella Swan: I have considered radioactive spiders and kryptonite.
Edward Cullen: That's all superhero stuff, right? What if I'm not the hero? What if I'm... the bad guy?


ප/ලිඅද විශේෂ ස්තූතිය බූරාට

Thursday, April 26, 2012

අද්භූත සිද්ධියක්!



උදේම ඇස් ඇරලා බලපු මට පෙනුනේ අමුත්තක්. ගස් ගොන්න තාමත් අඳුරු නමුත් මා දුටුවේ යම් එලියක්. ඒ වගේම වෙනදා කවුලුව වහගෙන තියෙන මීදුම් පටලය මා දුටුවෙත් නෑ.

කවුලුව වෙත දුවගිය මට ඉබේටම කෙඳිරි ගෑඋනා. හිම....

මුලු වත්ත පුරාම හිම. මගේ වාහනේ උඩ. පාර හැමතැනම. ඊයේ රෑ වැහැපු වැස්ස එහෙමම මිදිලා. ලස්සන මෝස්තරවලට ගස්වල අතු අතර පවා හිම තැන්පත් වෙලා. පායලා තියන දවස්වලටත් හරියට ඇවිදගන්ට බැරි මට මේ හිම ගොඩේ මොනවා නම් වෙයිද?

මම පහලට එනකොට, මගේ පියා වැඩට ගිහින්. මම ගෙදර තනියම. මට ඒ තනිකම තනිකමක් උනේ නෑ සැනසුමක් උනා මිස.

ඉක්මනින් උදෑසන ආහාරය ගිල දැමු මට ඕනෑ කලේ මගේ අලුත් මිතුරු, මිතුරියන් දැකීම සඳනා පාසැලට යෑමටයි. ඇත්තම කීවොත් ඒ එඩ්වඩ් බලන්න බවත්, ඒ මෝඩකමක් බවත් මා දැන හිටියා. ඊයේ ඔහු හා කල කතා බහෙන් පසු මට කිරීමට තිබුනේ ඔහුව මග ඇරීමටයි. මම ඔහුව සැක කලා. ඔහු, ඔහුගේ ඇස් ගැන මට බොරු කීවේ ඇයි? ඒ එක්කම සමහර වෙලාවට මට ඔහු වෙතින් දැනුනේ කිසිම මිත්‍රශීලී හැඟීමකුත් නෙමේ. ඔහුගේ ලස්සන මුහුන මතක් උනු මට දැනුනේ අපි දෙන්නා දෙලොවක ඉන්නා බව. ඒ හන්දා ඔහුව හමුවීමක් ගැනවත් මා කල්පනා කල යුතුව තිබුනේ නෑ.

මා වාහනයට ගමන් කලේ හරිම අමාරුවෙන්. පාසැලට රථය එලවාගන යද්දි, මම අවධානය යොමුකලේ මයික් හා එරික් වෙත. ඔවුන් අද කාලේ දකින්ට ලැබෙන සාමාන්‍යය කොලු ගැටයන් දෙන්නෙක් වගේ මට පෙනුනේ. මම ෆීනික්ස් වල හිටියා වගේම උනත්, ඔවුන්ගේ අවධානය මා වෙත යොමු වුනේ මම අලුත් කෙනෙක් නිසා වෙන්න ඇති. අලුත් දේවලට හැමෝම කැමති. අනෙක දුර්වල ගෑනු දැක්කාම පිරිමින්ගේ හිත් උණුවෙනවලුනේ. චූටි බලු පැටියෙක් වගේ හැසිරුනු මයික් හා ඔහුත් එක්ක තරඟ වැදුනු එරික් හන්දා මට අවධානය යොමු නොකරන කෙනෙක් ගැන මගේ හිතේ අමනාපයක් ඇති උනාවත්ද? මගේ හිත එඩවඩ් වෙත ඇදිලා ගියේ ඒ හන්දාවත්ද?

මගේ වාහනය හිම මත එලවීම එතරම් අපහසුවක් උනේ නෑ. එය නතරකල විටදී තමයි මට ඒ ඇයි කියන එක අවබෝධ උනේ. වාහනයේ රෝද වල රිදීපාට දිලිසුනේ හිම මත යෑම සඳහ දමන ලද දම්වැල් වර්ගයක්. පියා විසින් කරන ලද ඒ ක්‍රියාව, මගේ හිතේ ඇතිකලේ පුදුමයක් එක්කම වචනයෙන් කියාගත නොහැකි හැඟීම් සමුදායක්.

ඒ එක්කම තිරිංග තද කිරීමට දරනා තද උත්සාහයක් එක්ක මහ හඬක් නැගුනා . මම ඒ දෙස හිස ඔසවා බැලුවේ පුදුමයෙන්.

මා එකවරම දුටුවේ එකවර සිදුවන සිදුවීම් ගනනාවක්. චිත්‍රපටයකදි මෙන්, හිමිහිට සිදුවන රූප මාලාවක් වගේ  එහෙම නෙමේ. මගේ මනස වැඩ කලේ ඉතාම වේගෙන්. ඒත් සිදුවන හැමදේම හොඳින් එහි සටහන් උනා.

කාර් හතරකට පමන එහායින්, එඩ්වඩ් මා දිහා බලාගෙන උන්නේ මහා තැති ගැනීමකින්. අනෙක් තැති ගත් මූනු අතරේ ඔහුගේ මූන කැපී පෙනුනා. ඒ එක්කම රිය ගාල කඩා බිඳගෙන එන තද නිල් පැහැති වෑන් රථය. එය ඉදිරියට ආවේ මගේ වාහනයේ පිටුපස කොනෙහි හැප්පීම සඳහායි. මා හිටියේ වාහන දෙක අතර.
වාහන දෙක එකිනෙක හා ගැටෙන්න කලින් මට දැනුනේ මා විසිවී හිම ගොඩෙ වදින බවකුයි. කවුරුන් හෝ මාව පොලවට තබා තද කරලා අල්ලගන්නවාත් දැනුනා. ඒත් තාමත් නිල් වෑන් රථය පැමිනියේ මා දෙසට. කවුදෝ කල දිවිරීමක් මට ඇහුනා. ඒ මට හොඳට පුරුදු හඬක්. සුදු පැහැ දෑතක් මා ඉදිරියෙන් වේගෙන් ඉදිරියට ඇදුනා. මට දැනුනේ රෙදිවලින් තැනු බෝනික්කුගේ මෙන් මගේ පා ඇදීගන යනබවක්. නිල් පැහැති රථය ඉතා අසීරු හඬක් නංවමින් නතර උනා. යකඩ තහඩු ගැටෙන හඬ , වීදුරු බිඳෙන හඬට ඇසුනා. ඒ එක්කම තද නිහැඬියාවක්. කෑකෝ ගැසීම පටන් ගත්තේ ඊට පසුවයි.




'බෙලා...බෙලා...'
'ඔව්' මගේ හඬ ඇසුනේ අමුතුවට. ඔහු මාව අල්ලාගෙන හිටියේ තදින්.
'පරිස්සමින්. ඔයාගේ ඔලුව හිම ගොඩේ තදින් වැදුනා'
'ඔහ්' මම පුදුමෙන් කීවා.
'මම හිතුවා හරි' ඔහු පැවසුවේ සිනාව මැඩ ගනිමින්.
'ඔයා කොහොමද ඔච්චර ඉක්මන්ට මගේ ලඟට ආවේ' මා ඇසුවේ සිහිය එලවා ගැනීමට උත්සාහයක යෙදෙමින්.
'මම හිටියේ ඔයා ලඟම' ඔහු පැවසුවා.
ඔහු මට ප්‍රවේශමෙන් ඉඳගැනීමට ඉඩ සැලැස්සුවා. ඒ මුහුනේවූ අහිංසකබව දුටු මට හැමදේම මොහොතකට අමතක උනා. අනික් අය අප වෙත දුවගෙන ආවේ ඒ මොහොතේ. සමහරුන්ගේ කම්මුල් දිගේ කඳුලු ගලා යනවා මට පෙනුනා.
'හොල්ලන්න එපා' කවුදෝ කෑගෑවා.
'ටයිලර්ව වෑන් එකෙන් එලියට ගන්න 'තවත් කවුදෝ කෑ ගෑවා.
'ඔහොම ඉන්න' එඩ්වඩ් කීවේ මගේ උරහිසට අත තබමින්.
'සීතලයි මා පැවසු විට ඔහුගේ මුවේ නැගුනේ හීන් හිනාවක්.
'ඔයා හිටියේ ඔයාගේ කාර් එක ලඟ' මට සිහිපත් උනේ හදිසියේම.
'නෑ'
'මම ඔයාව දැක්කා.'
වැඩිහිටියෝ දුවගෙන එන හඬ ඇහුනා.
'බෙලා මම හිටියේ ඔයා ලඟමයි. මම ඔයාව අහකට ඇදලා ගත්තා' ඔහුගේ ඇස් පැවසුවේ අමුතුම කතාවක්.
'නෑ'
'ප්ලීස් බෙලා' ඔහුගේ රන් පෑ දෑස දිලිසුනා.
'ඇයි'
'මාව විශ්වාස කරන්න'

'ඔයා මට වෙන වෙලාවක ඇත්ත කියනවද?'
'ඔව්'
'ඕකේ'
ගුරුවරුන් කීප දෙනෙක් මෙන්ම ගිලන් රියේ නිලධාරීන් කීප දෙනෙක්ද එහි දුව ආවා. එඩ්වඩ් ඔවුන්ට පැවසුවේ මගේ හිස තදින් වැදී තිබුනු බව. කාරණාව තවත් බරපතල උනේ මගේ පියාගේ පැමිනීම නිසා.
'බෙලා' ඔහු කෑගැහැව්වා.
'මට ප්‍රශ්නයක් නෑ තාත්තා' මම ඔහුට පැවසුවා.
ඔවුන් මා ගිලන් රථය් වෙත ඔසවා ගනිද්දී මා දුටුවා නිල් පාට වෑන් රථයේ ඇතුලට එබී තිබුනු කොටස. ඒ එඩ්වඩ් තමාගේ අතින් තල්ලු කරන ලද තැන.
ඔහුගේ පවුලේ උදවිය අමනාපෙන් ඈත සිට බලා උන්නා.
මා දුටු දර්ශනය ගැන තර්කානුකූලව හිතීමට මට පුලුවන් වූයේ නෑ. මට හිතුනේ මා උන්මාදයකින් පෙලෙන බවයි.

මා රෝහල වෙත ගෙන යනු ලැබුවේ පොලිස් ආරක්ෂව සමග. එඩ්වඩ් හරියට හැසිරුනේ ඔහුගේ රාජ්‍යට පැමිනිලා වගේ.
මාව එහිදී හදිසි අනතුරු වාට්ටුවට ඇතුලත් කරනු ලැබුවා. එහි ඇඳන් වෙන් කර තිබුනේ තුනී තිරවලින්. මගේ ඇඳ වටා ආවරනය කර තිබුනේ නෑ. හෙදිය මා පරීක්ෂා කර බලා නික්ම යත්ම, ටයිලර් එහි ගෙන එනු ලැබුවා. ඔහුගේ හිස වට තිබුනු ලේ තැවරුනු බැන්ඩේජ් පටියෙන් පෙනුනේ ඔහුට මට වඩා අමාරුබව.
'බෙලා මට සමාවෙන්න' ඔහු පැවසුවා.
'මට ප්‍රශ්නයක් නෑ. ඔයාට කොහොමද?'
ඔහුට මා කී කිසිදෙයක් ඇහුනේ නැති ගානයි. හෙදියක් ඔහුගේ හිස පිරිසිදු කරදී ඔහු දිගටම කතා කලා.
'මම නම් හිතුවෙම ඔයා හැප්පෙයි කියලා. ඔයා කොහොමද එච්චර ඉක්මනට එතනින් අහකට ගියේ'
'එඩ්වඩ් මාව ඇදලා අහකට ගත්තා'
'එඩ්වඩ්' ඔහු ඇහුවේ පැටලිලි ලෙසින්.'මම එයාව දැක්කේ නෑ. එයාට කොහොමද?'
'ඔය හොඳට හිටියේ'
මට කිසිම පිස්සුවක් තිබුනේ නැතිබව මම දැන හිටියා.
ඇත්තෙන්ම ඒ වෙලාවේ උනේ මොනවාද?
එය විස්තර කිරීමට මට පුලුවන් උනේ නෑ.


 Isabella Swan: Are you going to tell me how you stopped the van?
Edward Cullen: Yeah. Um... I had an adrenaline rush. It's very common. You can Google it.

Monday, April 2, 2012

වෙනස්වූ එඩ්වඩ්...




සති අන්තයේ තාත්තා නම් පුරුදු පරිදි වැඩට ගියා. එයාට දැන් ගෙදර ඉඳලා පුරුදු නැතුව ඇති. මමත් නගරයේ පුස්තකාලයට ගියත්, එහි කියවන්ට තරම් දෙයක් තිබුනේ නෑ. යාන්තම් වැස්ස තුනී වෙලා තිබුනු හන්දා සති අන්තයේ නම් හොඳට නින්ද ගියා.

සඳුදා පාසැලේ රිය ගාලේ හැම ලමයම වගේ මට සුබ උදෑසනක් පැතුවා. හැමෝම නොදන්නවා උනත්, මමත් ඔවුන්ට සුබ පැතුවේ කැමැත්තෙන්. මේ පාසැලට ඒමේදී නොදැනුන අන්දමේ පහසුමක් මට ඒ වෙලාවේ ඇත්තටම දැනුනා.

වැස්ස නැති උනත්, තද සීතලකුයි එදා උදේ තිබුනේ. අපි ඉංග්‍රීසි පන්තිය ඉවර වෙලා එනකොට, පුංචි හිම කැබලි හැම තැනම පාවෙනවා. මට ඇහුනේ ලමයිනේ ඔක්කොම එකපාරට කතා සද්දේ. ඒ එක්කම හිම මුසු වෙලා ආපු සුලං පාරක් මගේ මූනේ දැවටිලා ගියා.


'වව්...' මයික් කීවා. 'හිම වැටෙනවා...'

අපි යන පාර දෙපැත්තේ පුලුන් වගේ කැටි උනු හිම ගොඩවලුත්, මගේ මූන වටා කැරකෙන හිම කැබලි දිහාත් මට බැලුනේ ඉබේටම. 'ඊඊඊඊඊ... ව්ව්...' මට කියවුනා.

'
ඔයා හිමවලට කැමති නෑ' මයික් පුදුම උනා.

'
නෑ. සීතල වැඩී. මම හිතුවේ හිම වැටෙන්නේ කෑලි, කෑලි වගේ කියලා. මේක නිකං වැක්කෙරෙනවානේ. හරියට වැස්ස වගේ.'

'
ඔයා මීට කලින් හිම වැටෙනවා දැකලා නැද්ද?' ඔහු ඇහුවේ තවත් පුදුම වෙමින්.

'
අපොයි දැකලා තියනවා. ටීවී එකේ'

මයික් හඬ නගලා හිනා උනා.

එක්කම ආපු හිම අහුරක්, මයික්ගේ හිස පිටුපස වැදුනා. මට සැක හිතුනේ එරික් ගැන. මයික්ටත් එහෙම හිතුනු බව මට පෙනුනේ ඔහුත් නැවිලා ලොකු හිම අහුරක් අතට ගත්තු හන්දා. 'ඔයාලා හිමවලින් ගහගන්නවා නම් මම ඇතුලට යනවා. ලන්ච් එකේදී හම්බ වෙමු' ඔහු හිස වැනුවා.

හැමෝගෙම කතාබහ උනේ අවුරුද්දේ මුලින්ම වැටුනු හිම ගැන. වැස්ස වගේ තෙත නෑ තමයි. ඒත් හිම දිය උනාට පස්සේ මේස් තෙමෙන හැටි මම හිතුවා.

එදා දවල් මම කැන්ටිමට ගියේ මගේ කබායෙන් මූන මුවා කරගෙන. මයික් හිනාවෙමින් අපට එකතු උනා. කැන්ටිමට අතුල්වෙද්දි මගේ ඇස් පුරුදු මේසේ වෙත ඇදිලා ගියා. මම එහෙමම ගල් ගැහුනා වගේ හිටගත්තා. ඒ මේසේ වටේ පස් දෙනෙක් ඉඳගෙන හිටියා....

ජෙසිකා මගේ අතින් ඇද්දා. 'හේ බෙලා ඔයාට මොනවද ඕනි.'

මම බිම බලා ගත්තා. මගේ කන්දෙක රතුවෙනවා මට දැනුනා. හැබෑට මම මොන වැරැද්දක් කලාටද මම මෙහෙම හිතන්නේ?

'
බෙලාට මොනවා වෙලාද?' මයික් , ජෙසිකාගෙන් ඇහුවා.

'
මුකුත් නෑ. මම බොන්න මොනවා හරි ගන්නම්' මම ඔවුන්ගේ පෝලිමට එකතු උනා.

'
ඇයි ඔයාට බඩගිනි නැද්ද? ' ජෙසිකා ආයමත් ඇහුවා.

'
ඇත්තටම මට ටිකක් අසනීපයි වගේ' මම කීවේ බිම බලාගෙනම්. ඔවුන් කෑම අරගෙන මේසය වෙත එනකල් මම හිටියේ බිම බලාගෙන.

බීම වීදුරුව තොල ගාද්දී මට දැනුනේ බඩ දඟලන ගතියක්. දෙපාරක්ම මයික් මගේ අසනීප තත්වය අසද්දී මට හිතුනේ පාසැල් හෙදියගේ කාමරයට ගියා නම් වැඩිය හොඳබව. මොන ඉටිගෙඩියකටද මම බයේ පැනලා දුවන්නේ?

මම තව පාරක් කලන්ලාගේ මේසය දෙස බැලුවා. එඩ්වඩ් මට රවාගෙන හිටියොත් මට ජීව විද්‍යාව පාඩම මග අරින්ට බැරියැ. මම හිස උස්සන්නේ නැතුවම, ඔහු දිහා ඇහි පිහාටු අස්සෙන් බැලුවා. කවුරුත් මේ පැත්ත බලා නොහිටපු හන්දා තවත් ටිකක් ඔලුව උස්සලා බැලුවා. ඒ මේසේ සිදු උනු දේවල් මට පෙනුනේ හරියට චිත්‍රපට දර්ශනයක් වගේ. කලන්ලා හැමෝම හිටියේ හිනා මුහුනින්. එයාලගේ කෙස්වල හිම. එමට් එයාගේ හිස්කෙස් වල තිබුනු හිම අනෙක් අය දිහාවට ගසමිනුයි හිටියේ. හිම වැටීම ගැන අනෙක් අය වගේම ඔවුනුත් ප්‍රීති වෙනවා වගේ. මේ හිනාවල් මැදින් මට දැනුනේ අමුත්තක්. ඒත් ඒ මොකක්ද කියන්ට මට තේරුනේ නෑ. මම පරිස්සමින් එඩ්ව්ඩ් දිහා බැලුවා. ඔහුගේ සමේ සුදුමැලි ගතිය අඩුවෙලා ගිහින් තිබුනේ හිම සෙල්ලම් කරලා වත්ද? ඔහුගේ ඇස් වෙනදා මෙන් කැපී පේන්නේ නැද්ද? මම හොඳට එබිලා බැලුවා.

'
බෙලා මොනවද ඔයහැටි බලන්නේ?' ජෙසිකා ඇහුවේ මගේ බැල්ම ඔස්සේ ඇගේ දෑස යවමින්. ඒ මොහොතේම ඔහුගේ බැල්ම , මගේ බැල්ම හා එකතු උනා. මම ඉක්මනින් බිම බැලුවේ, කෙස් කලඹින් මූන වැහෙන විදියට. ඒ මොහොතේ නම් ඔහුගේ බැල්මේ අප්‍රසන්න කමක්වත්, නපුරු කමක්වත් තිබුනේ නෑ. එහි තිබුනේ කුතුහලයක් හා සතුටට පත් නොවුනු ගතියක්.

'
එඩ්ව්ඩ් කලන් ඔයා දිහා බලං ඉන්නවා' ජෙසිකා කිචි, කිචි ගෑවා.

'
එයා තරහින් වගේ පේනවද?' මට ඇසුනේ ඉබේටම.

'
නෑ...' ඇය පැවසුවේ පැටලිලි සහිතව. 'ඇයි එයා තරහෙන් ඉන්න ඕනිද?'

'
මම හිතන්නේ එයා මට කැමති නෑ' මා පැවසුවේ හිස අත තබා ගනිමින්. මට අර බඩ දඟලන ගතිය නැවතත් දැනුනා.

'
එයාලා කාටවත් කැමතිත් නෑ. කා දිහාවත් බලන්නෙත් නෑ. ඒත් එඩ්ව්ඩ් නම් ඔයා දිහා බලාන ඉන්නවා'

'
ෂ්ෂ්...එයා දිහා බලන්න එපා' මම ජෙසිකාට අමනාපෙන් මෙන් කීවා.

වෙලාවේ තමයි මයික් අපට බාධා කලේ. ඔහුට ඕනේ උනා හිම සටනක් පවත්වන්ට රිය ගාලෙදී. ජෙසිකා එයට කැමති උනේ මයික් කරන ඕනෑම දේකට තමන් කැමති බව පෙන්වන්න වගේ. මම නම් හිතුවේ ඒ කාලය තුල ක්‍රීඩාගාරය තුල හැංගිලා ඉඳීමටයි.

කෑම පැයේ ඉතිරි ටික මම වැඩි හරියෙන් ගත කලේ මේසය දෙස බලාගෙන. එඩ්වඩ් තරහින් වගේ නොපෙනුනු හන්දා ජීව විද්‍යාව පන්තියට යෑමට මා කල්පනා කලා. මම මයික් එක්ක පන්තියට යන්න හිතුවේ නැත්තේ ඔහුත් එක්ක යනකොට කොහෙන් හිම බෝල වදීද දන්නේ නැති හන්දා. ඒත් අපි එලියට එනකොට වහිමින් තිබුනා. ඔක්කෝම කෙඳිරි ගෑවත් මට නම් දැනුනේ සතුටක්. අර හිම ඔක්කොම දියවෙලා ගිහින් තිබුනා. මයික් පන්තියට එනකල්ම එයාගේ කෙඳිරිය නැවැත්තුවේ නෑ.

තාමත් මගේ මේසය හිස්ව තිබීම මා තුල ඇති කලේ සැනසිල්ලක්. පන්ති කාමරය පුරාම ඇහුනේ සිසු, සිසුවියන්ගේ කටහඬවල්. මම දොර දිහා බලාගෙන, මගේ සටහන් පොතේ කුරුටු සිත්තම් මැව්වා.

මගේ පසෙකින්වූ පුටුව ඇදෙනවා මට ඇහුනා. මගේ දෑස තිබුනේ මා අඳිමින් සිටි සිත්තරේ වෙත.

'
හලෝ' ගීතමය කට හඬක් පැවසුවා.

මා ඔහු දෙස බැලුවේ ඔහු මා හා කතා කිරීම ගැන පුදුම වෙමින්. තමන්ගේ පුටුව තබාගෙන සිටියේ ඈතින් මුත්, ඔහු මා වෙත නැමීගෙන කතා කලා. ඔහුගේ තෙත් කෙස්කලඹ තිබුනේ අවුල් වෙලා. ඒත් ඔහු පෙනුනේ කෙස් ආලේපයක් සඳහා මේ දැන් ඇඩ් එකකට පෙනී උන් කෙනෙක් වගේ. ඔහුගේ සුන්දර මුහුනේ තිබුනේ මිතුරු ලීලාවක්. පුංචි හිනාවක් ඒ දෙතොලේ දිස් උනා. ඒත් දෑසේ වූයේ පරීක්ෂාකාරී බැල්මක්.



'මම එඩ්ව්ඩ් කලන්. මට ගිය සුමානේ ඔයාට මාව අඳුන්නලා දෙන්න බැරි උනා. ඔයා බෙලා ස්වෝන් නේද?'

මගේ ඔලුවත් කැරකෙනවා වගේ මට දැනුනේ. මොන පුදුමයක්ද? මම අර කලින් සිද්ධිය හිතින් මවා ගත්තාවත්ද? මෙතරම් විනීතව මා අමතන ඔහුට පිලිතුරු නොදී සිටිය හැකිද?

'ඔයා කොහොමද මගේ නම දන්නේ' මම ගොත ගැහුවා.

ඔහුගේ මුදු හිනාව ලගන්නා සුලුයි.

'ඕහ්...හැමෝම ඔයාගේ නම දන්නවා. මේ හැමෝම බලා හිටියේ ඔයා එනකල්'

ඒක නම් ඇත්ත බව මම හොඳින්ම දැන හිටියා.

'නෑ එහෙම නෙමේ. ඇයි ඔයා මට බෙලා කියලා කීවේ'

ඔහු මා දිහා පැටලවිල්ලෙන් බැලුවා.

'ඇයි ඔයා කැමති ඉසබෙලා කියනවටද?'

'නෑ මම කැමතී බෙලා කියනවට. ඒත් මගේ තාත්තා මාව අමතන්නේ ඉසබෙලා කියලයි. ඉතින් මේ ගමේ හැමෝම මාව දන්නේ ඒ නමින්.' මම හැදුවේ මගේ කතාව ඔහුට පැහැදිලි කරන්න.

'ම්ම්ම්...' ඔහු ඉවත බලා ගත්තා.

හොඳ වෙලාවට ගුරුතුමා පන්තියට ඇතුල් උනා ඒ වෙලාවෙම. අපිට තිබුනේ අපේ හවුල්කරුවන් එක්ක අපිලිවෙලට තිබුනු ස්ලයිඩ්ස් වගයක් පරීක්ෂා කරමින් ඒවා පිලිවෙලින් ගොඩ ගැහීමට. ඒ අතර ඔහු පන්තිය පුරා යමින් අපිව පරීක්ෂා කලා.

'ලේඩීස් ෆස්ට්' එඩ්වඩ් කීවේ අර ලස්සන හිනාවෙන්.

'ඔයාට කැමති නම් මම පටන් ගන්නම්.’

ඔහු හිතන්න ඇති මම මහා මෝඩියක් කියලා.

'හා මම පටන් ගන්නම්' මා කීවේ තරමක් තරහකින්. අපි පරීක්ෂනය කරගෙන ගියා.

ඒ අතර ස්ලයිඩ් එකක් ගැනීමට ඔහු දිගු කල, අත මගේ අතේ ස්පර්ශ උනා. හරිම සීතලක්. මම අත ඇදලා ගත්තේ හරිම වේගෙන්. ඒත් මම අත ඇදලා ගත්තේ සීතල හන්දම නෙමේ. මගේ අත තුලින් විදුලියක් දුව ගිය හන්දයි.

'සොරි' පැවසු ඔහු මා සොයා ගත් ප්‍රතිපලයට එකඟ උනා. අපේ ප්‍රතිපල සටහන් කලේ ඔහුයි. ඔහුගේ පැහැදිලි, බුද්ධිමත් බවක් පෙන්වපු අකුරු දිහා මම බලාගෙන හිටියේ මගේ කැත අකුරින් සටහන් පොත කැත කිරීමට බැරි හන්දයි.

අනෙක් හැමෝටම කලින් අපි, අපේ වැඩේ ඉවර කලා. මයික් ඔහුට ලැබුනු හවුල්කාරිය සමග ස්ලයිඩ්ස් නැවත, නැවත පිරික්සන හැටිත්, තවත් දෙන්නෙක් සටහන් පොත මේසය යට තබාගෙන හොරෙන් ඒ දෙස බලන හැටිත් මම දැක්කා. මා එසේ බැලුවේ, එඩ්ව්ඩ් දෙස බැලීමෙන් වැලකීමට. ඒත් මා ඔහු දෙස බලන විට ඔහුගේ බැල්ම තිබුනේ මා වෙත.

'ඔයා ඇහැට කාච (contacts) දාලද?'

ඔහු මගේ ප්‍රශ්නෙන් පුදුම උනා. 'නෑ'

'ඕ...ඔයාගේ ඇස්වල අමුත්තක් තියනවා.' ඔහු දෙවුර සලලා අහක බලා ගත්තා.

එහි වෙනසක් තිබුනු බව මට නම් සහතිකයි. ඔහු මා දෙස නපුරු ලෙස එදා බලද්දි, ඒ ඇස් තිබුනේ තද කලු පාටින්. ඒ දෑස, ඔහුගේ තද පැහැ කෙස් හා සුදුමැලි පාට සම හන්දා ගොඩක්ම කැපිලා පෙනුනා. අද ඔහුගේ ඇස්වල තිබුනේ අමුතුම පාටක්. තද රන් පැහැයක්. හරියට ටොෆියක පාට වගේ. එයා බොරු කියනවාවත්ද? නැත්නම් මට මෙහෙම පේන්නේ කොහොමද?

මේ වෙලාවේ අපේ ගුරුවරයා අප වෙත ආවා.

'එඩ්වඩ් මේවා චෙක් කරන්න අවස්තාවක් ලැබුනද?' ඔහු ඇහුවා.

'බෙලා තමයි පහෙන්, තුනකටම උත්තර හොයා ගත්තේ'

'බෙලා මේ පරීක්ෂන කලින් කරලා තියනවද?' ඔහු ඒ පාර ඇහුවේ මගෙන්.

'ඔව්. ඒත් අපි පාවිච්චි කලේ වෙනත් අමු ද්‍රව්‍ය'

'ඔයා ෆීනික්ස්වල හිටියේ ඇඩ්වාන්ස් පන්තියකද?'

'ඔව්.'

'එහෙම නම් ඔය දෙන්නා ලැබ් පාර්ට්නස්ලා උනු එක හොඳයි.' ඔහු තවත් මොනවාදෝ කියමින් එතනින් නික්මුනා

'අපරාදේ හිම ටික නේද? එඩ්වඩ් ආපහු මා එක්ක කතා කරන්න ලැස්ති උනා. ඔහු මා ජෙසිකාට කීව දේවල් අසා සිටියාදෝයි මා තුල ඇති උනේ පරාන බයක්.

'මට නම් එහෙම හිතෙන්නේ නෑ' මම කීවේ අවංකවම.

'ඔයා සීතලට කැමති නෑ' ඒ ප්‍රශ්නයක්ම නෙමේ.

'ඔව්! තෙත් ගතියටත් කැමති නෑ'

'එහෙම නම් ඉතින් ෆෝක්ස් ඔයාට ඉන්න අමාරු තැනක් වේවි'

'ඔව්...ඔයාට හිතා ගන්නවත් බෑ'

ඔහු හිටියේ මගේ වචනයෙන් වශී වෙලා වගේ. ඒ මුහුන මාව කොච්චර දුර ගෙනිච්චද කීවොත්, මට ඕනි උනේ පුලුවන් තරම් ඒ දෙස නොබලා ඉන්න.

'ඇයි එහෙනම් ඔයා මෙහේ ආවේ?' කවුරුත් මේ ප්‍රශ්නය මේ විදිහට මගෙන් අහලා තිබුනේ නෑ.

'ඒක ටිකක් තේරුම් ගන්න අමාරු කාරනයක්'

'මට හිතෙන්නේ මට නම් ඒක තේරුම් ගන්ට පුලුවන් වෙයි.'

මම මොහොතක් නිහඬව ඉඳලා, ඔහු දිහා බැලුවා. මම කලේ වැරැද්දක්බව මට හිතුනේ ඒ රන්වන් දෑස් දකිනකොට.

'මගේ අම්මා නැවත විවාහ උනා' මට කියවුනේ ඉබේටම.

'ඒක මොකක්ද?' ඔහුගේ හඬෙහි වූයේ අනුකම්පාවක්.

'පහුගිය සැප්තැම්බර් මාසේ'

'ඔයා එයාට කැමති නැද්ද' එඩ්වඩ් ඇහුවේ කරුනාවන්ත ලෙස.

'නෑ. නෑ. ෆිල් හොඳයි. එයා ටිකක් තරුනයි. ඒත් එයා හොඳ කෙනෙක්'

'ඉතින් ඇයි ඔයා, එයාලත් එක්ක නොහිටියේ'

මට ඔහුගේ කුතුහලය තේරුනේ නෑ. ඒ වගේ නීරස කතාවකට ඔහු ඇහුම් කන් දීගෙන හිටියේ හරියට වැදගත් කතාවකට සවන් දෙන්නා වගේ.

'ෆිල් එයාගේ රස්සාවේ හැටියට ගොඩාක් ඇවිදින කෙනෙක්'

'ඔයාගේ අම්මා ඔයාව මෙහේ එව්වේ එයා එක්ක ඇවිදින්න යන්නද?'

'අම්මා මාව මෙහාට එව්වේ නෑ' මා කීවේ නිකට උස්සමින්. 'මමමයි මාව මෙහාට එවාගත්තේ'

ඔහුගේ ඇහිබැම දෙක එකතු උනා.

මම හුස්මක් පිට කලා. මම කොහොමද මේ දේ ඔහුට තේරුම කරලා දෙන්නේ. ඔහු මා දිහා බලා උන්නේ හරිම කුතුහලෙන්.

'ෆිල් තැන් තැන් වල යනකොට අම්මා මුලින් මා එක්ක හිටියා. ඒත් මට තේරුනා එයා හිටියේ ෆිල් නැතුව හරි පාලුවෙන් බව. ඒ හන්දා මම ආවා තාත්තා ලඟට' මගේ කටහඬේ අඳුරුබව මටත් තේරුනා.

'දැන් ඔයා ඉන්නේ අසතුටින්' ඔහු පෙන්නුවා.

'ඉතින්'

'ඒක සාධාරණ නෑනේ'

'ජීවිතේ අසාධාරණබව ඔයාට කවුරුත් කියලා දීලා නැද්ද?'

'ඒ ගැන මම කලින් අහලා තියනබව මට විශ්වාසයි'

'ඉතින් එඩ්වඩ්' මා පැවසුවේ ඔහු තාමත් මා දෙස බලා ඉන්නේ ඇයිදැයි සිතමින්.

'ඔයාගේ රඟපෑම නම් අපූරුයි. ඒත් ඔයා පෙන්නනවාට වඩා ඇතුලෙන් දුක්වෙනබව මට නම් විශ්වාසයි.'

පස් හැවිරිදි දැරියක මෙන් ඔහුට දිව දික්කිරීමට සිතුනත් මම අහක බැලුවා.

'මම වැරදිද?' මා හැදුවේ ඔහු කීදේ නෑහුනු බව පෙන්නන්න.

'මම නම් හිතන්නේ නෑ.'ඔහු පැවසුවේ තමා හරිබව දැනගත් සතුටින්.

'ඉතින් ඒකෙන් ඔයාට ඇති වැඩේ මොකක්ද?' මා හිමිහිට ඇසුවේ පන්තිය වටා යන ගුරුවරයා දෙස බලමින්.

'ඒක නම් හොඳම ප්‍රශ්නයක්!' ඔහු තමාටම පවසා ගත්තා. ඔහුගෙන් ලැබෙන පිලිතුර එපමනයි කියලා හිතාගන මා කලු ලෑල්ල වෙත නෙත් යොඋම් කලා.

'මම ඔයාට කරදරයක්ද?'

මට ඔහු දෙස බැලුනේ ඉබේටම. මම යලිත් ඔහුට ඇත්තම කීවා.

'මට කරදරයක් විදියට දැනෙන්නේ මාවම. මම දන්නවා මගේ මූන දිහා බලනකොට ඕනෑම කෙනෙකුට මගේ හිතුවිලි කියන්න පුලුවන් බව. අම්මා නිතරම කියන්නේ මගේ මූන හරියට පිටු පෙරලපු පොතක් වගේ කියලා'

'ඒ උනාට මට නම් ඔයාව කියවන්න හරි අමාරුයි' ඔහුත් කීවේ ඇත්තටම.

'ඔයාට අනික් අයව හොඳට කියවන්න පුලුවන් ඇටි.'

'සාමාන්‍යයෙන්' ඔහු විදහා පෑවේ අර කිරිසුදු දත් දෙපල.

ගුරුවරයා පන්තිය ඉදිරිපිටට පැමිනි දෙස මා බැලුවේ සැනසුම් සුසුමක් හෙලමින්. මා ලඟම ඉන්න මේ ලස්සන තරුණයා මගේ ජීවිත කතාව මෙතරම් උනන්දුවෙන් අසා සිටිබව මම කොහොම විශ්වාස කරන්නද? නොකරන්නද කියලා මටම තෙරුනේ නෑ. ඒත් මම ඔහු දිහා නැවත බලනකොට ඔහු හිටියේ මගෙන් පුලුවන් තරම් ඈත්වෙලා. ඒ වගේම මේසය තමන්ගේ දෑතින් තදින්ම අල්ලාගෙන. ගුරුවරයා දෙස බලා හිටියත්, මගේ අවධානය නම් තිබුනේ විසිරිලා.

සීනුව වැදුනු හැටියේ ඔහු දිව ගිය හැටි මා බලා සිටියේ විස්මයෙන්. මයික් ඉක්මනින් ඇවිත් මගේ පොත් ටික ගත්තා.

'අපෝ.. ඒක නම් ජරා පාඩමක් ඔයාට කලන් පාට්නර් කෙනෙක් විදියට ලැබුනු එක හොඳයි.’

'මට නම් කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ' මා කීවේ මද තරහකින්. 'මම කලින් පාසැලේදී මේ පාඩම කරලා තියනවා'

'කලන් අද නම් හොඳයි වගේ ' ඔහු පැවසුවේ අපි වැහි කබා දාගන්නා අතර. එයට ඔහු එතරම් කැමැත්තක් නොවු බව ඔහුගේ කටහඬින් පෙනුනා.

'මට නම් තේරෙන්නේ නෑ ගිය සඳුදා එයාට මොකක් වෙලා තිබුනද කියලා'

අපි ජිම් එකට යනකල්ම ඔහු කලේ කතා කරපු එක. සෙල්ලම් කරද්දිත් මාව ආරාක්ෂා කිරීමටත් ඔහු පසුබට උනේ නෑ.

පාසැල අවසානයේ වැස්ස නතරවෙලා මීදුමක් බවට පත්වෙලා තිබුනා. මම එන්ජිම ක්‍රියා කෙරෙව්වේ මගේ තෙත් කෙස් කලඹ වේලා ගන්න.

වාහනය පසුපසට ගන්න කලින් ලඟ පාතක කවුරුත් ඉන්නවද කියලා වටපිට බලනකොට මා දැක්කේ කාර් තුනකට එහායින් එඩ්වඩ් කලන් ඔහුගේ කාරයේ දොරට හේත්තුවී මා දිහා බලාගෙන ඉන්නබව. මම ඉක්මනින් වාහනේ ගත්තේ පසුපස නොබලම. තව පොඩ්ඩෙන් පිටුපසින් ආපු කොරොල්ලා එකක් එක්ක හැප්පෙන්නේ නැතුව බේරුනේ අනූනවයෙන්. යලිත් වාහනය පරිස්සමින් ගත්ත මම දුටුවේ හිනාවෙමින් හිටපු එඩ්වඩ්. ඔහු හිනා උනේ මට බව නම් මට හොඳටම සහතිකයි.

Edward Cullen: And so the lion fell in love with the lamb.

Isabella Swan: What a stupid lamb


Edward Cullen: What a sick, masochistic lion