හැම තැනම ඝණ අන්ධකාරය පැතිරිලයි
තිබුනෙ, යාන්තමට වගේ තිබුනු මඳ ආලෝකය පෙනුනෙ හරියට එඩ්වඩ්ගෙ සමෙන් විහිදෙනවා වගෙයි.
මම ඔහුගෙ මුහුණ දැක්කෙ නැහැ,
අන්ධකාරයේ මාව තනිකරලා දාලා මගෙන් ඈතට ඇවිදන් යන ඔහුගෙ පසුපස
පමණයි මට පෙනුනෙ. මම කොච්චර හයියෙන් දිවුවත් මට ඔහුව අල්ලගන්න හැකිවුනේ නැහැ, මම කොච්චර හයියෙන් කෑගැහුවත් ඔහු හැරිලා බැලුවෙත් නැහැ........ ඒත් එක්කම මට
ඇහැරුනා, ආයෙත් ගොඩක් වෙලා යනකං මට නින්ද ගියේම නැහැ. එදායින් පස්සෙ හැමදාමත් වගේ ඔහු
මගේ සිහිනවලට ආවා,
ඒත් හැමදාමත් ඔහු හිටියෙ මගෙ අතට අසුනොවන මානයේ මට ළඟාවිය
හැකි සීමාවෙන් පිටත.
අනතුරෙන් පස්සෙ ගෙවුනු පළමු
මාසය හරිම අසහනකාරී,
ආතතිය පිරුනු ඒ හැමටම වඩා හරිම ලැජ්ජාකාරී එකක් වුනා. ඒ සතියෙ
ඉතිරි දවස් ටිකේම හැමෝගෙම වගේ අවධානයේ මුල් තැන හිටියෙ මමයි. මේ ඔක්කොටම වඩා මට එපා
වුනේ ටයිලර් හැමවිටම වගේ මගේ පස්සෙන් එමින් වෙච්ච වැරැද්ද නිවැරැදි කරගන්න උත්සාහ කිරීමයි.
මම කොච්චර උත්සාහ කලත් ඔහුට ඒත්තුගන්නන්න හැමදේටම වඩා මට අවශ්‍ය ඔහු සිද්ධවෙච්චි දේ
අමතක කරලා දාන එකයි කියලා - ඇත්තටම බැලුවොත් මට කිසිම හානියක් වුනේ නෑ නේ - ඔහු දිගින්
දිගටම මුරණ්ඩු වුනා. පංති අතරතුරේදි මා පස්සෙන්ම එන ඔහු දැනටමත් තදබද වෙලා තියෙන අපේ
දවල් කෑම මේසෙටත් වාඩිවෙන්න පටන් ගත්තා. මයික් හා එරික් ඔහු වෙත දක්වපු නපුරු ආකල්පය
දැක්කම මට හිතුනෙ මම තවත් අනුගාමිකයෙක් එක්කර ගත්තාදෝ කියලයි.
හැබැයි කවුරුවත් එඩ්වඩ් ගැන
නම් කතාකලේ නැහැ. මම කොයිතරම් විස්තර කලත්, ඒත්තුගන්නන්න හැදුවත්
ඔහු තමා මාව බේරාගත් වීරයා කියලා,
ජෙසිකා,
මයික්,
එරික් විතරක් නෙවෙයි අනිත් හැමෝමත් කිවුවෙ වෑන් එක ඉවතට අදිනකං
ඒ කවුරුවත් එඩවඩ්ව දැක්කෙ නෑ කියලයි.
මට හිතාගන්නම බැරිවුනේ ඇයි කවුරුවත්
එඩ්වඩ් මට එච්චර ඈතින් හිටපු එක දැක්කෙ නැත්තෙ කියලා, අන්තිම මොහොතේ අදහාගන්න බැරිවිදියට ඇවිත් මාව බේරගන්න කලින්. අන්තිමේදි ඒකට
හේතුව තේරුම් ගත්තාම මටම හිනා ගියා, කවුරුවත් එඩ්වඩ් ගැන අවධානයක් යොමු කලේ නෑ මා තරම්, කවුරුවත් ඔහු දිහා බලා හිටියේ නෑ මා තරම්. කොයිතරං අවාසනාවක්ද.!!
නමුත් කිසිමවිටෙක එඩ්වඩ් වටේ
නං කට්ටිය එක් රොක් වුනේ නෑ අනතුර ගැන එයාගෙ අත්දැකීම් අහන්න, හැමදාමත් වගේ ඔහුව මගඇරියා විතරයි. පුරුදු පරිදි කලන්ස්ලා හැමදාමත් එයාලාගෙ
මේසෙ වාඩිවෙලා එයාලා අතර පමණක් කතාබහේ නියැලෙමින් හිටියා. ඒ කිසිම කෙනෙක්, විශේෂයෙන්ම එඩ්වඩ් කොයියම්ම වෙලාවකවත් මා දිහා නම් බැලුවෙ නෑ.
පංතියෙදි ඔහු මාත් එක්ක ඉඳගත්තෙත්
පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා,
මට හිතුනේ ඔහු මා ඉන්නා බවක්වත් නොදන්නවා වගෙයි. ඔහුගෙ ඉරියවු
වලින් කියැවුනේ හරියට මාව ටයිලර්ගෙ වෑන් එකෙන් බේරගත්ත එක නොකර ඉන්න තිබුනා නම් වගේ
කියලයි, ඒක තමා මට එන්න තිබුන අවසාන නිගමනය.
මට කොච්චර නම් ඕනවුනාද ඔහුත්
එක්ක කතාකරන්න. ඇත්තටම අනතුරෙන් පහුවදා මම ඒකට උත්සාහ කලා. අන්තිමවරට හදිසි අනතුරු
කාමරයෙන් පිටතදී මම ඔහු දැක්ක වෙලාවෙ අපි දෙන්නම හැසිරුනේ කලහකාරී විදියට. ඇත්තම කියනවානම්
මම තාමත් තරහෙන් හිටියෙ වුනේ මොකක්ද කියලා ඇත්ත කියන්න තරම් ඔහු මාව විශ්වාස නොකරපු
එකට. ඒත් එදා රෑ එලිවෙනකොට ඒ තරහ අඩුවෙලා ඔහු ගැන කෘතගුණ හැඟීමක් ඇත්වෙන්න පටන්ගත්තා, මොකද කොහොම කොයිවිදියට කලත් ඔහු ඇත්තටම මගේ ජීවිතය බේරාගත්තා නේද කියන සිතුවිල්ල
මට ඇතිවුන නිසා.
මම ජීවවිද්‍යා පංතියට ඇතුළුවෙනකොටත්
ඔහු වාඩිවෙලයි හිටියෙ,
කෙලින්ම ඉස්සරහ බලාගෙන. ඔහු මා දිහාවට හැරෙයි කියලා බලාපොරොත්තුවෙමින්
මම වාඩිවුනා, ඒත් ඔහු නෙවෙයි පැත්තවත් හැරිලා බැලුවෙ.
"හෙලෝ එඩ්වඩ්!" මම කිවුවෙ බොහොම ප්‍රසන්න විදියට, රණ්ඩු කිරීමේ අරමුණක් මගෙ නැහැ කියන එක ඔහුට පෙන්නන්නත් එක්ක. ඔහු මගේ බැල්ම
මගඅරිමින් යාන්තමට හිස හරවලා එකපාරක් ඔලුව හොල්ලලා ආයෙමත් අහක බලාගත්තා.
ඒ තමා ඔහුත් එක්ක මට කතාකරන්න
පුළුවන් වුන අන්තිම වතාව,
හැමදාම පන්තියේදි ඔහු මට කොච්චර ලඟින් වාඩිවෙලා හිටියත්.
සමහර වෙලාවට මට මාවම නවත්තගන්න බැරුව ඔහු දිහා බලාගෙන හිටියා - දුරින්, ඔහුට හොරෙන් - ආපනශාලාවෙදි නැත්තං කාර් පාර්ක් එකේදි. ඒත් පංතියෙදි නම් මම ඔහු
ඉන්නවාද කියලා ගානක්වත් නැති විදියටයි හිටියෙ. ඒත් මම හිටියෙ පුදුම අසතුටකින් හා තරහකින්, ඒ වගේම මම හැමදාම වගේ ඔහුව හීනෙන් දකින්නත් පටන් ගත්තා.
මමත් මගේ ලැබ් පාට්නරුත් අතර
ඇතිවෙලා තියෙන මේ තත්ත්වය මයික්ටනං බොහොම සතුටට කාරණයක් වුනා. ඔහු බලාපොරොත්තු වුනේ
එඩ්වඩ්ගෙ වීර ක්‍රියාව නිසා මගේ හිතේ ඔහු ගැන යම් ආකාරයක පැහැදීමක් ගෞරවයක් ඇතිවේවි
කියලයි, නමුත් සිද්ධවුනේ ඒකේ අනිත් පැත්ත නිසා ඔහු සැනසුම් සුසුම් හෙලුවා වගෙයි පෙනුනෙ.
බොහෝ වෙලාවට ජීවවිද්‍යා පංතිය පටන්ගන්නකං ඔහු මගේ පොත්මේසෙ කොනක වාඩිවෙලා මාත් එක්ක
කතා කර කර ඉන්න පටන්ගත්තා,
අනිත් පැත්තෙ එඩ්වඩ් ඉන්නවායැයි වගේ වගක්වත් නැතිව.
ඉකිමනින්ම හිම දියවෙලා යන්න
පටන් ගත්තා. මයික්නම් ටිකක් කනස්සල්ලෙන් හිටියෙ ඔහු බලාපොරොත්තුවෙන් හිටපු හිම බෝල
සටන පවත්වන්න විදියක් නැතිවීම ගැන. ඒත් අනිත් අතට බීච් ට්‍රිප් එක එන නිසා ඔහු ඒ ගැන
එච්චර වදවුනේ නැහැ. මේ අතර මාර්තු මාසෙ පළමුවෙනි අඟහරුවාදා ජෙසිකා ආවා තවත් ආරංචියක්
අරන්, ඇයට ඕනවුනා තව සති දෙකකින් පැවැත්වෙන වසන්ත නැටුමට මයික්ට ආරාධනා කරන්න මගේ
අවසරය ගන්න. මේ නැටුමේ විශේෂත්වය වුනේ ගැහැණු ළමයින්ට තමන් කැමැති පාට්නර් කෙනෙක්ව
තෝරාගන්න හැකිවීම.
"ඔයාට විශ්වාසද ඒකට කමක් නැහැ කියලා.. ඔයා එයාට ආරාධනා කරන්න
හිතුවෙ නැද්ද..??"
මම ඒ ගැන පොඩ්ඩක්වත් වදවෙන්නෙ නෑ කියලා කිවුවම ඇය ආයෙමත්
ඇහුවා.
"නෑ ජෙස්, මම ඒකට යන්නෙ නෑ."
මම ඇයට සපත කලා. නටනවා කියන්නෙ මගෙ හැකියාවන්ගෙන් බොහොම ඈත තියෙන දෙයක්.
"ඒ වුනාට ඒක හරිම විනෝදජනක වේවි." ඇය කිවුවෙ නම් මුලු
හදවතින්ම නෙවෙයි,
හරියට මම නොඑන එක කියලාවත් කරගන්න බැරි වැඩක් වගේ.
"ඔයාට මයික් එක්ක විනෝදවෙන්න පුළුවනි" මම ඈව උනන්දු කලා.
ඊලඟ දවසේ මම පුදුමයට පත්වුනේ
ජ්‍යාමිතිය පාඩමේදි හා ස්පාඤ්ඤ පාඩමේදි ජෙසිකාගෙ අසාමාන්‍ය හැසිරීම් රටාව දැකලයි. පංති
අතරතුරේදි ඇය මා එක්ක ඇවිදන් ගියේ කිසිම කතාවක් බහක් නැතිවයි, ඒත් ඒ ඇයි කියලා අහන්න මට බය හිතුනා. මොකද බැරිවෙලාවත් මයික් ඇයගේ ආරාධනාව ප්‍රතික්ෂේප
කරලානං ඇයට ඒ බව මට කියන්න බැරි කමක් ඇති කියලයි මට හිතුනෙ. මගේ මේ බය තවත් වැඩිවුනේ
දවල් කෑම විවේකයේදි ඇය මයික්ගෙන් පුළුවන් තරම් දුරස්වෙලා වාඩි වුනු නිසයි. ඇය එරික්
එක්ක තොරතෝංචියක් නැතිව කතා කල අතර මයික් අසාමාන්‍ය ලෙස නිහඬව හිටියා.
අන්තිමේදි අපි පන්තියට ගිහින්
වාඩිවුනහම මයික්ම මේ මාතෘකාව ඇදලා ගත්තා.
"මේ........" ඔහු කිවුවෙ බිම බලාගෙන, "ජෙසිකා වසන්ත නැටුමට මට ආරාධනා කලා."
"ෂා නියමයිනේ!" මම මගේ හඬ පුළුවන් තරම් උද්‍යොගිමත් කරන්න
උත්සාහ කලා. "ඔයාට එයත් එක්ක හොඳට විනෝද වෙන්න පුළුවන්."
"ඇත්තම කියනවානං....." ඔහු මගේ පිළිතුර ගැන සතුටුවුන
බවක්නම් පෙනුනේ නෑ. "මම එයාට කිවුවා ඒ ගැන හිතලා කියන්නම් කියලා."
"ඇයි ඔයා එහෙම කිවුවෙ!?" මම ඇහුවෙ
දෝෂාරෝපනයක් වගේ. ඒත් ඔහු ඇයට කෙලින්ම බැහැ නොකියපු එක ගැන මට දැනුනෙ පුදුම සැනසීමක්.
රතු වුන මුහුණින් ඔහු ආයෙමත්
බිම බලාගත්තා. පවු! "මම හිතුවෙ සමහරවිට ඔයා මගෙන් අහන්න හිතාගෙන ඉන්නවා ඇති කියලයි."
ඇස් කොනින් මම දැක්කා එඩ්වඩ්ගෙ ඔලුව යාන්තමට මගෙ පැත්තට හැරෙනවා.
"මයික්,
මම නම් හිතන්නෙ ඔයා එයාගෙ ආරාධනාව පිළිගන්න කියලයි"
මම කිවුවා.
"ඇයි ඔයා දැනටමත් වෙන කෙනෙක්ගෙන් අහලද තියෙන්නෙ?" මයික් එඩ්වඩ් දිහාට හෙලපු බැල්ම ඔහු දැක්කනං!
"නැහැ,
මම කොහෙත්ම ඒ නැටුමට යන්නෙ නෑ."
"ඒ මොකද?"
මට බොහොම ඉක්මනට අලුත් ප්ලෑන්
එකක් ගහන්න වුනා. "මම ඒ සෙනසුරාදා සියැට්ල් වලට යනවා." මට කොහොමත් නගරෙන්
පිටවෙන්න ඕන වෙලයි තිබුනෙ,
මේ ඒකට හොඳම අවස්ථාව කියලා මට හිතුනා.
"ඔයාට වෙන සති අන්තෙක ඒ ගමන යන්න බැරිද?"
"සොරි ඒක කරන්න බැහැ. ඉතිං ඔයා තවදුරටත් ජෙසිකාට බලාඉන්න කියන්න
එපා, ඒක හරි නරකයි."
"ඔවු ඔයා හරි." ඔහු පරාජිත ඉරියවුවෙන් ආපහු ඔහුගෙ මේසය
වෙතට ගියා. මම ඇස් දෙක පියාගෙන නළල දෙපස ඇඟිලිවලින් තද කරන්න වුනේ හිතේ ඇතිවුන වරදකාරී
හැඟීම් පිටකරලා දාන්න වගේ. ඒත් එක්කම ගුරුතුමා කතාකරන්න පටන්ගත්ත නිසා ලොකු සුසුමක්
හෙලපු මම ඇස් විවර කලා.
එතකොටයි මම දැක්කෙ කුතුහලය පිරුනු
දෑසින් මා දිහා බලාගෙන ඉන්න එඩ්වඩ්ව....
Edward Cullen :That's what you dream about? Being a monster?
Isabella Swan: I dream about being with you forever.
Isabella Swan: I dream about being with you forever.








