මා ගුරුතුමා වෙත අර තුන්ඩුව ගෙනයන ගමනේදී, හොරෙන් එඩ්වර්ඩ් කලන් දිහා බැලුවා. මා ඔහු පහු කරගෙන යනවිට මට දැනුනේ ඔහු හිඳ සිටි ආසනයේ ඉද්ද ගැසුවාක් මෙන් කෙලින්වී, වාඩිවෙන හැටියකුයි. මා නැවතත් බලනවිට ඒ දෙනෙතේ තිබුනේ අමුතුම බැල්මක්. අම්මෝ එහි තිබුනේ කියාගත නොහැකි අන්දමේ කෝපයක් හා වෛරයක්.
මා හඳුන්වා දීමේ විකාරයෙන් තොරව මගේ ගුරුවරයා තුන්ඩුව අත්සන් කලා. ඒ ගමන්ම පොතකුත් අතට දුන්නා. කාමරය මධ්‍යයේ හිස්වු අසුන පෙන්වීම හැර ඔහුට නම් වෙන කල හැකි දෙයක් තිබුනේ නෑ. මා එඩ්වර්ඩ් කලන් අසලින් හිඳ ගැනීමට ගියේ ඔහුගේ කෝපය නිසා අවුල්වු හිතක් ඇතිව. මා මොනවා කලාටද මොහු මා එක්ක මේ හැටි තරහෙන් ඉන්නේ?
තිගැස්සුනු මා රතුවෙනවා මට දැනුනා. ඒ එක්කම බිම වැටී තිබු පොතක හැපිලා වැටෙන්ටත් ගියා. අල්ලාගත්තු ඩෙස්කුවේ හිඳ සිටි දැරිය 'චිකිස්' ගෑවේ ඔච්චම් කරන්නා වගේ. ඔහුගේ ඇස් තද කලු පැහැයෙන් පෙනුනා නොවේදැයි මට ඒ වෙලාවේ හිතුනා.
මා මගේ පොත්පත් මේසය මත තබද්දී, ඔහු දෙස නොබැලුවත් මට නෙත් කොනින් ඔහු කල දේවල් පෙනුනා. ඔහු තමාගේ ඉරියව් වෙනස් කරමින්, පුටුවේ අයිනටම වී ඉඳගන්නවා මා දැක්කා. ඒ වගේම තමාගේ මුහුන මා වෙතින් ඉවතට හරවා ගත්තේ. හරියට මා වෙතින් අමුතු දුර්ගන්ධයක් වෑහෙනවා වගේ වත්ද? මා රහසිගතව කලේ මගේ කෙස්කළඹ ඉඹ බැලීමයි. ඉන් වහනය වූයේ, මගේ ප්‍රියතම ස්ට්‍රෝබෙරි ෂැම්පූ වලින් නික්ම ආ අවිහිංසක සුවඳයි. මා කලේ මගේ කෙස් කළඹ තිරයක් මෙන් දකුනු උරහිසෙන් වැටෙන්නට සැලස්වීමයි. ඉන් අප දෙදෙනා වෙන් වූවා. අවාසනාවකට මෙන් ගුරුවරයා කලේ, මා කලින් කර තිබු ජීව කෝෂ පිලිබඳ පාඩමයි. ඒ උනත් මා ඉතා පරිස්සමින් ඔහු කියන දේවල් සටහන් කරගත්තා.
ඇත්තෙන්ම ඉඳහිට හරි මගේ කෙස් කළඹ අස්සෙන් මේ අරුම පුදුම තරුණයා වෙත බලා නොසිටීම මට කල නොහැකි උනා. පන්තිය පැවැත් උනු මුලු පැයම ඔහු උන්නේ ගල් ගැසුනාක් වැනි ඉරියව්වකින්. ඔහු පොඩ්ඩක්වත් සන්සුන් වෙනු මා දුටුවේ නෑ. ඔහු තමාගේ වම් කකුල මතවු අත තදින් මිරිකාගෙන හිටියා. ඔහුගේ සුදු කමිසයේ උඩට තල්ලු කල කොටසින් පෙනුනේ මුදු සමක්. ඒත් කමිසයට වැහී නොතිබුනු හරිය ඉතා ශක්තිමත් ලෙසකින් පෙනී ගියා. ඔහුගේ හැඩිදැඩි සොහොයුරා ලඟ නොවූ හින්දද මන්දා මෙතනදි නම් ඔහු පෙනුනේ එතරම් කුඩා එකෙකු ලෙස නොවේ.
මට දැනුනේ පාඩම පැයකට වඩා ඇදී යන්නාක් වගේ. ඒ දවස අහවරවීමට ආසන්නව තිබුනු හන්දාද? නැතිනම් ඔහුගේ මිටි කොටගත් අත දිග හැර ගැනීමට ඉඩ දිය යුතු යැයි මා සිත පැවසූ හන්දාද? එහෙත් ඔහු සිටියේ ඒ හැමදේම අමතක වූවාක් මෙන්. හුස්ම ගැනීමට පවා අමතක වූවාක් මෙන්. ඇත්තෙන්ම ඔහුට සිදුවී ඇත්තේ කුමක්ද? මේ ඔහුගේ සාමාන්‍ය හැසිරීමද? ජෙසිකා පැවසුවේ ඇත්තක් විය හැක. සමහරවිට ඈ කියන දෑ මට නොතේරෙන්නට ඇති.

මා නැවතත් ඔහු දෙස හොරෙන් බැලුවා. ෂී.....මට සිතුනේ එතකොටයි. ඔහු තමාගේ කලුවන් නෙත්වලින් මා දිහා බලා හිටියේ දැඩි පිලිකුලෙන්. මා එක්වරම පුටුවේ පසෙකටවී හැකිලී ඉඳ ගත්තා. 'බැල්මෙන් යමෙක් විනාශ කල හැකි නම්' යන්න මෙහිදී මගේ සිහියට ආවා.
වෙලාවට වගේ සීනුවත් නාද උනේ ඒ එක්කම. ඒ හඬට මා ගැස්සී ගියා. එඩ්වර්ඩ් කලන්, තම අසුනෙන් නැගිට්ටේ වේගයෙන්. ඔහු මා සිතුවාට වඩා බෙහෙවින් උස්ව ඒ වෙලාවේ පෙනුනා. අනෙක් ලමයි නැගිටින්ටත් පෙර ඔහු එතැනින් ගියේ කොහොමද කියලවත් මට හිතාගන්ටවත් බැරි උනා.
මම ගල් ගැසී ඔහු නික්ම ගිය දිහා හිස් දෙනෙතින් බලා උන්නා. ඔහු කොච්චර නපුරුද? මා වැනි නවක එකියකට එහෙම කල එක කොතරම් අසාධාරණද? සිතේ නැගුන කෝපය මර්ධනය කර ගැනීමට තනමින් මා මගේ පොත් ටික එකතු කලා. මගේ කෝපය නිතර පිට වූයේ කඳුලු ලෙසය. මා මේ වෙලාවේ සිටියේ එය නවතා ගැනීමට තැත් කරමිනුයි. ලැජ්ජා නැති වැඩේ. ඒත් කුමක් කරන්ටද?
'ඔයා ඉසබෙලා ස්වෝන් නේද?' පිරිමි හඬක් ඇසුනා. හිස එසවූ මට පෙනුනේ, ළදරුවකුගේ මුහුනක් ඇති, හිත් ඇදගන්නා සුලු ගැටයෙක්. ඔහුගේ රන් පැහැති කෙස් කළඹ යම් ආලේපයක් මගින් සන්සුන් කරලා තිබුනා. මගේ අමුත්තක් ඔහුට දැනුනේ නෑ. ඔහු මා හා ඉතා සුහදව කතා කලා.
'බෙලා' මා හිනැහෙමින් ඔහුව නිවැරදි කලා.
'මම මයික්'
'හෙලෝ මයික්'
'ඔයාගේ ඊලඟ පන්තිය හොයාගන්න උදව් ඕනිද?'
'මම යන්නේ ජිම් එකට. ඒක නම් මම හිතන්නේ ලේසියෙන්ම හොයාගත්තෑකි'
'මම යන්නෙත් ජිම් එකට ' ඔහු පැවසුඒ මහා ලොකු දෙයක් සිදුවූවාක් මෙන් ප්‍රීතියෙන්.
අප දෙදෙනා එහි ගියේ කතා කරමින්. ඔහු ගොඩාක් කතා කරන කෙනෙක් වීම ඇත්තටම මට සහනයක් උනා. එමෙන්ම අවුරුදු දහය වන තුරු කැලිෆෝණියාවේ වාසය කල ඔහු, මා හිරු එලිය ගැන සිතන්නේ කෙසේදැයි දැන හිටියා. එදින මා දුටු හොඳම ලමයා ඔහු බව මට හිතුනේ ඒ වෙලාවේදීයි. ඔහු මගේ ඉංග්‍රීසි පන්තියේද හිටීමත් මට ලොකු සතුටක් ඇතිකලා.
'ඔයා කලන්ට පැන්සලකින් එහෙම ඇන්නද?' ඔහු හදිසියේ ඇසුවේ අප ක්‍රීඩාගාරයට ඇතුල් වෙන තැනදී. 'එයා කවදාවත් ඔහොම හැසිරෙනවා මා දැකලා නෑ'
මගේ හිත හැකිලී ගියා. එහෙමන්ම ඒ එඩ්වර්ඩ්ගේ සාමාන්‍ය හැසිරීම නෙමේ. මා තැත් කලේ ඒ මා නොදුටු බවක් හඟවන්නට.
'අර ජීව විද්‍යාව වෙලාවෙදී මා ලඟ ඉඳගන හිටපු ලමයා?' මා ඇහුවේ ගනනකට නැතිව.
'ඔව්. එයා මාර වේදනාවකින් ඉන්නවා වගේපෙනුනේ '
'මම දන්නේ නෑ. මම එයාට කතා කලේ නෑ'ඔහු ඇඳුම් මාරු කිරීමට යනු වෙනුවට මා අසල ගැවසුනා. 'මම එතන හිටියා නම් මම ඔයා එක්ක කතා කරනවා'
ඇඳුම් මාරු කිරීමට යන ගමන් මා ඔහුට සිනාසුනා. ඔහු මා අගය කරන බවකුත්, සුහද බවකුත් ඔහුගෙන් කැපී පෙනුනා. ඒත් ඒකෙන් මගේ හිතේවූ නොරිස්සුම නම් අඩු වූයේ නෑ.
ක්‍රීඩා ගුරුවරයා මට ඇඳුමක් සොයා දුන් මුත් එය අදට අඳින්නට මට බල කලේ නෑ. මගේ පරන පාසැලේ ක්‍රීඩා විෂය් කල යුතු වූයේ වසර දෙකක් මුත් මේ පාසැලේ එය අවුරුදු හතරක් කල යුතු උනා. මොන අපායක්ද?
මා වොලිබෝල් තරඟ හතරක් නැරඹුවා. මා විසින් තුවාල කරනලද අයත්, මට සිදුවූ තුවාලත් මෙනෙහිවී මට ඔක්කාරයටම ආවා වගේ තමා මට දැනුනේ.
හොඳ වෙලාවට පාසැල අවසාන වන සීනුව නාද උනා. මගේ ලියකියවිලි කාර්යාලයට බාර දීම සඳහා මම හෙමින් ඒ වෙත ඇදුනා. වැස්ස තූරල් කර තිබූමුත් සුලඟ නම් ඉතාම දැඩි උනා. ඒ වගේම කියන්නට බැරි තරම් ශීතල. මම වහාම මගේ බඳ වටා දෑත් යවා ගත්තා.
උනුසුම් කාර්යාලයට අතුල්වෙත්ම මට හිතුනේ ආපහු හැරිලා දුවන්නට.
එඩ්වර්ඩ් කවුන්ටරය ලඟ හිට ගන ඉන්නවා මා දුටුවේ ඔහුගේ තඹ පැහැති හිසකෙස්වලින්. මම එහිවූ නිලධාරිනිය නිදහස් වෙන තුරු බිත්තියට හේත්තුවී බලා හිටියා.
ඔහු ඇය හා වාද කරමින් හිටියේ සිත් ගන්නා සුලු ලීලාවකින් ඒවගේම පහත් හඬකින්. ඔහු තැත් කරමින් උන්නේ ඔහුගේ ජීව විද්‍යාව වෙලාව වෙන ඕනෑම වෙලාවකට මාරු කිරීමටයි. මට එය විශ්වාස කල හැකි උනේ නෑ. මේ නම් මා පන්තියට පැමිනීමට කලින් වු දෙයක් වෙන්න ඇති. ඔහුගේ මුහුනෙන් පෙනුනේ ඔහු බලවත් අමාරුවකින් ඉන්න හැඩයි. මේ නාඳුනන තැනැත්තා මට මෙතරම් අකැමති මන්ද? මට නම් එය තේරුම් ගන්නට නොහැකි උනා.
දොර නැවත විවර වුනේ එහි ආ දැරියක් නිසා. ඈ විවරකල දොරින් හමා ආ ශීත සුලඟ මේස මතවු කොල එහා, මෙහා කලාක් මෙනම මගේ කෙස් කළඹද අවුල් කලා. එඩ්වර්ඩ් කලන් සෘජුව නැගුනා. හෙමින් මා දෙස හැරී ඒ ලස්සන දෑසින් මා දෙස බැලුවේ වෛරයෙන්. ඒ බැල්ම සීමා වුයේ තත්පර කීපයකට උනත්, අර හැමු ශීතල සුලඟට වඩා එය මා හද ගල් කලා කීවොත් නිවැරදී.
ඔහු නැවතත් නිලධාරිනිය වෙත හැරුනා.
'කමක් නෑ' ඔහු පැවසුවේ තමාගේ විල්ලුදයක් වැනි හඬින්. 'ඒක අමාරු වැඩක් බව මටත් පේනවා. ඔබ කල උදව්වට ස්තූතියි'
එහෙම කී ඔහු මා දෙස නොබලාම හැරී ගියා.
මා මෙවර කවුන්ටරය වෙත ඇදුනේ රතුවු මුහුනකින් නොව සුදුමැලිවු මුහුනකින්.
'කොහොමද ලමයා ඔයාගේ මුල් දවස?' ඈ මගෙන් ඇහුවේ කරුනාවෙන්.
'හොඳයි' මම පහත් කටහඬකින් පැවසුවත් ඈ ඒ නොපිලිගත්තාක් මෙන් පෙනුනා.
මා රථයට නගින විට රථ ගාලේ හිටියේ මා පමනයි. මේ කොල පැහැති අපායේ මට එය දැනුනේ දෙව් ලොවක් මෙන්. මා මද වෙලාවක් ඉදිරිපස වීදුරුව තුලින් එලිය බලා හිටියා. එහෙත් තද හීතල හන්දා හීටරය ක්‍රියා කරවීමට මට එන්ජිම පන ගැන්වීමට සිදු උනා. එය ප්‍රානවත් වූවා වහාම.
ඉන්පසු මම කඳුලු නවත්වා ගැනීමට වෑයම් කරමින් නිවස බලා රථය පැදවූවා.
Edward Cullen: I don’t have the strength to stay away from you anymore
Isabella Swan: Then don’t.

ලස්සන කතාව..
ReplyDeleteචිත්‍රපටිය බලලා තියන නිසාද කොහෙද චිත්ත රූප මවා ගන්න ලේසියි..
ඉතුරු කෑල්ලත් ඉක්මනට දාන්න..
චිත්‍රපටයට වඩා පොතේ කතාව ගොඩක් ලස්සනයි කියනවා. දිගටම කියවන් යමු. මං හිතන්නේ පොඩ්ඩි ටිකක් කාර්යබහුල නිසා ලියන්න ප්‍රමාදයක් තියනවා. මාර්තුවලින් පසුව ඉකිමනින් ලියයි.
Deleteඔව් ඔව් මට නම් පොත කියවන්න ලැබුනේ නැහැ, පොත කියෙව්ව හැමෝම කියනවා ෆිල්ම් එකට වඩා පොත ලස්සනයි කියලා.
Deleteමම නම් ටුවිලයිට් වලට ආසා නෑ. !!!
ReplyDeleteමං හිත්නනේ මධුරංග ආස නැත්තේ ෆිල්ම් එකට වෙන්න ඇති. පොතේ කතාව කියවමු නිකන් ඉන්න වෙලාවට...:D
Deleteඅනේ මධූ කොහොම හරි ආසාවෙන්ටකෝ...:D
Deleteමම බෙලා නම් මට ඇඬෙන්නේ ක්ලාස් එකේදිමයි...
ReplyDeleteඇති ඇති ඇඬුවා...:D
Delete@නීතා,
Deleteඅඬන්න එපා ඩාලිං, ඔයා අඬනකොට මටත් ඇඬෙනවා නේ.. :P
අම්මෝ බයේ බැහැ වැලි කඩදාසියක්වත් අරන් ඒවිද දන්නෙ නැහැ කඳුලු පිහින්න :)
Deleteඔයාට ඕන නොම්මර කීයෙ වැලි කඩදාසියක්ද..?? ඒක උඩට චිලීපේස්ට් ටිකකුත් දාලාම ගේන්නද..?? :P
Deleteබන්ධනාගාරෙද වැඩ කරන්නෙ :))))))
Deleteඔයාගෙ පරිවර්තන හැකියාව ඉහළයි අක්කේ. ලස්සනට කතාව ගලාගෙන යනවා. මට දැනුන එකම අවුල හැම කොටසක්ම කියවන්න කලින් ආපහු පරන කොටසේ අග කියවල එන්න උනා. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි ඉතින්, අක්කට වෙලාව තියෙන හැටියටනේ ලියන්නේ. හරිම සරලව, ලස්සනට ඔයාගේ පරිවර්තනය ගලාගෙන යනවා. කියවන්න ආස හිතෙනවා.
ReplyDeleteසිත්තමී.
Deleteමේ මාසෙන් පසුව සියල්ල හරි යයි. පොඩ්ඩි ටිකක් බිසී කියනවානේ...:D
මම මේ ෆිල්ම් එක බලලත් නැහැ, කතාව කියවලත් නැහැ.
ReplyDeleteඒ නිසා මේක මට නම් කුතුහලයෙන් පිරිලා..
කුතුහලයෙන් කියෙව්වාම කියවන්න ආසාව වැඩියි නේද...:D
Deleteපුදුමයි ඒත් ඇත්තයි, තරූ මේ පොත කියවලත් නැහැ, ෆිල්ම් එක බලලත් නැහැ කිව්වම..
Deleteයූ ටියුබ් ගොහින් බලන්න පුළුවන් නෙව.
Deleteහී හී ඔව් හැබෑටම...
Deleteරුප එහෙම පිටින්ම මැවෙනවා. ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteමටත් එහෙමයි වර්ණා ...
ReplyDeleteIkmanata eelaga post danna...Harima lassanata liyala,
ReplyDeleteමේ ලියනවා. :)
Deleteගොඩක් ලස්සනයි අක්කෙ.. ඔයා ලියන හැටි.ඉතාම ඉක්මණට පොත හොයාගෙන කියවනවා.නරකද මේක ට්‍රාන්ස්ලේෂන් එකක් විදියට පබ්ලිෂ් කළොත් අක්කෙ.
ReplyDeleteබලමුනේ. මේ පාර හදිසියට ටිකක් කලා. බලමු හොඳට ඇවිල්ලද කියලා? :D
Delete